AFC Banner
Empty Ad
Empty Ad

බීමතින් බස් රථයට ගොඩ වූ සිව්දෙනෙක් මහ මඟ ගිය දෙදෙනෙකුගේ ජීවිත අනතුරේ දමයි

මාතර සිට කොළඹ බලා ධාවනය වූ පුද්ගලික බස් රථයකට බීමතින් ගොඩවූ පුද්ගලයන් පිරිසක් වැලිගම, කප්පරතොට ප්‍රදේශයේ දී එහි රියදුරුට පහරදීමට උත්සාහ කර තිබෙනවා.

එම අවස්ථාවේ රියදුරුට බස් රථය පාලනය කර ගැනීමට නොහැකිව සිදු වූ අනතුරකින් මාර්ගයේ ගමන් ගත් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී තවත් අයෙක් බරපතළ තුවාල ලබා මාතර මහ රෝහලට ඇතුළත් කර ඇති බව අප වාර්තාකරු සඳහන් කළා.

ඊයේ (16) රාත්‍රී 9.00ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර, අනතුරින් මියගොස් ඇත්තේ දෙවිනුවරප්‍රදේශයේ පදිංචි 47හැවිරිදි පුද්ගලයෙක් බවයි වාර්තා වුණේ.

අනතුරුන් තුවාල ලබා ඇත්තේ ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයාගේ 68 හැවිරිදි මව බවයි දැනගන්නට ලැබුණේ.

මාතර සිට කොළඹ බලා ධාවනය වූ මෙම බස් රථයට වැලිගම නගරයෙන් බීමතින් ගොඩවූ පුද්ගලයින් සිව්දෙනෙක් බස් රථයේ රියදුරු සමඟ බහින් බස් වීමක් ඇතිකර ගෙන තිබෙනවා.

එහිදී ඔවුන් රියදුරුට වැලිගම, කප්පරතොට පාලම අසලදී පහරදීමට උත්සාහ ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

එම අවස්ථාවේ දී රියදුරුට බස් රථය පාලනය කරගත නොහැකිව ධාවනය වී මාර්ගයේ ගමන් කරමින් සිටි මව සහ පුත්‍රයාගේ ගැටී මෙම අනතුර සිදුව තිබෙනවා.

ඔවුන් දෙදෙනා කප්පරතොට ප්‍රදේශයේ පැවැති මංගල්‍ය උත්සවයකට සහභාගීව යළි නිවස බලා පැමිණෙමින් සිටිය දී මම අනතුරට මුහුණ පා ඇති බව සඳහන්.

මෙම අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු සහ බීමතින් පැමිණ බස් රථයේ රියදුරුට පහර දුන් සිව්දෙනාගෙන් අයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පහරදීමට සම්බන්ධ අනෙක් තිදෙනා අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායමක් යොදවා ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහභාගීවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන
01:53:41
Video thumbnail
ඉතිහාසයේ පළමු වතාවට සහෝදරයෙක් ජනාධිපති වෙලා ඉන්නවා
05:10
Video thumbnail
JVP කරන්නේ සංවේදී අය - අපි ප්‍රේමණීය මිනිස්සු
04:52
Video thumbnail
JR ජයවර්ධන සමයේ බිහිසුණු අත්දැකීම් ටිල්වින් එකින් එක හෙළි කරයි - "ඒ අය කරපු දේවල් අපේ මත පැටෙව්වා"
02:21
Video thumbnail
UNPයේ කවුරුත් නොදන්න නිරුවත ටිල්වින් හෙළි කරයි - "83 ජූලි කලබල ඇතිකළේ මේ අය" #unp #tilvinsilva
01:33
Video thumbnail
ටිල්වින් සිල්වා ඇත්තටම ටිල්වින්ද ? සුසිල්ද ? - කවුද මේ ටිල්වින් කියන සුසිල් #npp #jvp #tilvinsilva
02:10
Video thumbnail
රට පුරා වෙළඳසැල්වල හෙට සිට නාඩු - මෙන්න ජනාධිපති දුන්න උපදෙස #anurakumaradissanayake
01:56
Video thumbnail
ලබන වසරේ සිට බඩ ඉරිඟු ආනයනය සීමා කරමින් දේශීය නිශ්පාදන වලට මුල්තැන දෙනවා
01:16
Video thumbnail
ඉන්දීය මහ කොමසාරිස්වරයා සහ ජනාධිපති ලේකම් අතර හමුවක්
00:50
Video thumbnail
චීන නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී සහ ජනාධිපති ලේකම්වරයා අතර හමුවක්
00:54

?