මෙරට පුද්ගලයින්ගෙන් 25%කට දියවැඩියාව

මෙරට වෙසෙන පුද්ගලයින් සියයට 25කට දියවැඩියා රෝගය වැළඳී ඇති බව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව පවසනවා.

අද (22) කොළඹ පිහිටි වෛද්‍ය සභා පරිශ්‍රයේ දී විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් වෛද්‍ය තුසිත කහදූව මහතා පැවසුවේ; එම තත්ත්වය අතිශය භයානක බවත්; පුද්ගලයින් තිදෙනෙක්ගෙන් එක් අයෙකුට දියවැඩියාව වැළඳී ඇති බවට තහවුරු වී ඇති බවයි.

දියවැඩියා පාද සින්ඩ්‍රෝමය සහ වණ වැළැක්වීම පිළිබඳ දැනුවත් කිරීමේ අරමුණින් මෙම විශේෂ මාධ්‍ය සාකච්ඡා පැවැත්වුණා.

කොළඹ සහ යාපනය දිස්ත්‍රික්කවල 33%ක ප්‍රතිශතයක් දියවැඩියා රෝගයෙන් පීඩා විඳින බවයි ශ්‍රී ලංකා වෛද්‍ය සභාව අවධාරණය කළේ.

දිනකට පාවිච්චි කළ යුත්තේ තේ හැඳි 06ක් වුව ද, පුද්ගලයින් එය දෙගුණයක් ලෙස ගැනීමට ඇබ්බැහි වී සිටින බව ද වෛද්‍ය සභාව පෙන්වාදෙනවා.

සීනි භාවිත කිරීම අවම වුව ද, ක්ෂණික මේදය අධික ආහාර සහ කෘත්‍රීම බීම පානය දියවැඩියා රෝග තත්ත්වය ඉහළ නැංවීමට හේතු වී ඇති බවයි හෙළි ව ඇත්තේ.

බොහෝ වශයෙන් රෝගීන් වාර්තා වන්නේ ආර්ථිකමය අතින් යම්කිසි ස්ථාවරයක ජීවත් වන්නවුන් ක්ෂණික ආහාරපානවලට ඇබ්බැහි වීම හේතුවෙන් බවට නිරීක්ෂණය වී ඇති බව ද ශ්‍රී ලංකා වෛද්‍ය සභාව සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48