ඇසිඩ්වලින් පිළිස්සුම් තුවාල ලැබූ පුතු තමන් වෙනුවෙන් දිවි දුන් පියාට අවසන් ගෞරව දැක්වීමට පැමිණෙයි

ඇහැළියගොඩ – මෙනේරපිටිය ප්‍රදේශයේ නිවසකට ඊයේ (21) රාත්‍රියේ කඩා වැද; තමන් පොලිසියෙන් යැයි පවසමින්; එහි සිටි 23 හැවිරිදි තරුණයෙකුව පැහැරගෙන යාමට උත්සාහ කිරීමේදී; එම තරුණයාගේ පියා එය වැළැක්වීමට මැර පිරිස පැදවූ ජීප් රිය හරස් කිරීමේ දී එහි ගැටී ජීවිතක්ෂයට පත් වුණා.

ඉන් පසුව අදාළ තරුණයාව අම්බලම්පිටිය ප්‍රදේශයේ පාළු තැනකදී ඔහුට පහර දී ඔහුගේ මුළු සිරුරටම ඇසිඩ් දියර ඉස අප‍රාධකරුවන් පලාගොස් තිබුණා.

මෙම ඛේදවාචකයෙන් මියගිය පියාගේ අවසන් කටයුතු අද (22) පස්වරුවේ සිදු කෙරුණු අතර දැඩි පිළිස්සුම් තුවාල ලබා රත්නපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මරණකරුගේ පුතා සිය පියාට අවසන් ගෞරව දැක්වීමට නිවෙස වෙත පැමිණ සිටි බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙම ඛේදවාචකයෙන් මියගියේ 63 හැවිරිදි පුද්ගලයෙකු වන අතර අසල්වාසී නිවසක් සමග කාලයක සිට පැවති ආරවුලක් මීට හේතු වන්නට ඇතැයි පොලිසිය සැක පළ කරනවා.

සැකකරුවන් කිසිවෙක් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25