ඇසිඩ්වලින් පිළිස්සුම් තුවාල ලැබූ පුතු තමන් වෙනුවෙන් දිවි දුන් පියාට අවසන් ගෞරව දැක්වීමට පැමිණෙයි

ඇහැළියගොඩ – මෙනේරපිටිය ප්‍රදේශයේ නිවසකට ඊයේ (21) රාත්‍රියේ කඩා වැද; තමන් පොලිසියෙන් යැයි පවසමින්; එහි සිටි 23 හැවිරිදි තරුණයෙකුව පැහැරගෙන යාමට උත්සාහ කිරීමේදී; එම තරුණයාගේ පියා එය වැළැක්වීමට මැර පිරිස පැදවූ ජීප් රිය හරස් කිරීමේ දී එහි ගැටී ජීවිතක්ෂයට පත් වුණා.

ඉන් පසුව අදාළ තරුණයාව අම්බලම්පිටිය ප්‍රදේශයේ පාළු තැනකදී ඔහුට පහර දී ඔහුගේ මුළු සිරුරටම ඇසිඩ් දියර ඉස අප‍රාධකරුවන් පලාගොස් තිබුණා.

මෙම ඛේදවාචකයෙන් මියගිය පියාගේ අවසන් කටයුතු අද (22) පස්වරුවේ සිදු කෙරුණු අතර දැඩි පිළිස්සුම් තුවාල ලබා රත්නපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මරණකරුගේ පුතා සිය පියාට අවසන් ගෞරව දැක්වීමට නිවෙස වෙත පැමිණ සිටි බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙම ඛේදවාචකයෙන් මියගියේ 63 හැවිරිදි පුද්ගලයෙකු වන අතර අසල්වාසී නිවසක් සමග කාලයක සිට පැවති ආරවුලක් මීට හේතු වන්නට ඇතැයි පොලිසිය සැක පළ කරනවා.

සැකකරුවන් කිසිවෙක් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ.