මියන්මාරයේ චීන කොන්සල් කාර්යාලයේ පිපිරීමක්

මියන්මාරයේ මැන්ඩලේ නගරයේ පිහිටි චීන කොන්සල් කාර්යාලයට පුපුරණ ද්‍රව්‍ය ප්‍රහාරයක් එල්ල කර ඇති අතර ඉන් කිසිදු ජීවිත හානියක් සිදුව නැහැ.

චීනය මියන්මාරයේ ජුන්ටාවේ ප්‍රධාන මිත්‍රයෙක් සහ ආයුධ සපයන්නා ද වනවා.

එසේ තිබියදී මියන්මාරයේ උතුරු ෂාන් ප්‍රාන්තයේ හමුදාවට එරෙහිව සටන් කරන වාර්ගික කණ්ඩායම් සමඟ ද සබඳතා පවත්වමින් සිටින බවට චීනයට චෝදනා එල්ල වුණා.

ජුන්ටාව විසින් නිකුත් කරන ලද ප්‍රකාශයක් සිද්ධිය සම්බන්ධයෙන් “ත්‍රස්තවාදීන්ට” දොස් පැවරූ අතර ඒ සම්බන්ධයෙන් කොන්සල් නිලධාරීන් සමඟ සහයෝගයෙන් විමර්ශනය කරන බව පැවසුවා.

“පිපිරීමක්” සිදු වී ඇති බව ආරක්ෂකයින් සොයාගෙන ඇති බවත් “අවශ්‍ය ආරක්ෂක විධිවිධාන ඉහළ නංවන” බවත් එහි සඳහන් වුණා.

පිපිරීමෙන් දෙමහල් ගොඩනැගිල්ලේ වහලයේ කුඩා කොටසකට පමණක් හානි වී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති වසන්ත හමුවූ සුවිශේෂි අමුත්තා
01:10
Video thumbnail
වගාවන් විනාශවීම ගැන ගොවියෙක් මාධ්‍යට කියූ සංවේදී කතාව
01:06
Video thumbnail
තම වගාවන් විනාශවීම ගැන ගොවියෙක් මාධ්‍යට කියූ සංවේදී කතාව - දරුවොයි මමයි මහන්සිවෙලා හදාගත්තුවා
02:26
Video thumbnail
චීන මහජන ජනරජයේ තානාපති සහ ඇමති වසන්ත අතර විශේෂ සාකච්ඡාවක්
02:35
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00