වෛද්‍යවරුන්ට අමතක වූ කතුරක් වසර 12කට පසු කාන්තාවකගේ උදරයෙන් එළියට ගනී

දශකයකට වැඩි කාලයක් කාන්තාවකගේ උදරයේ තිබූ ශල්‍ය කතුරක් සැත්කමකින් පිටතට ගත් පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

45 හැවිරිදි වියේ පසුවන කාන්තාවකගේ උදරයේ තිබී මෙම ශල්‍ය කතුර හමුව ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

අදාළ කාන්තාව 2012 වසරේ දී ඇපෙන්ඩිසයිටිස් සැත්කමකට භාජනය වී ඇති අතර, එම සැත්කම සිදුකළ වෛද්‍යවරුන්ට මෙම ශල්‍ය කතුර උදරයේ අමතක වී සැත්කම අවසන් කර ඇති බවටයි මේ වනවිට සැකපළ කරන්නේ.

සැත්කම අවසන් කලත් එම කාන්තාව ගතවූ වසර 12 තුළ උදරයේ යම් යාමේ වේදනාවන්ගෙන් පෙළී ඇති බවයි වාර්තා වන්නේ.

ඇය බොහෝ වෛද්‍යවරුන්ගෙන් උපදෙස් ලබාගෙන ඇති නමුත් ඔවුන් ඇයට බෙහෙත් ලබා දුන්න ද වේදනාවේ පහව ගොස් නැහැ.

මෙම තත්ත්වයත් මත පසුගිය 08 වෙනිදා ඇය නැවතත් එක් රේ පරීක්ෂාවකට යොමුකර ඇති අතර, එහිදී ඇයගේ උදරය තුළ කතුරක් ඇති බවට හෙළි වී තිබෙනවා.

කාන්තාවගේ ස්වාමිපුරුෂයා පැවසුවේ 2012 වසරේ දී ගැන්ටෝක් හි; ශ්‍රීමත් තුටොබ් නම්ග්යාල් අනුස්මරණය රෝහලේ දී තම බිරිඳ සැත්කම සිදුකළ බවයි.

කෙසේ වෙතත් ඇය එක් රේ පරීක්ෂාව සඳහා ද එම රෝහලටම ගොස් ඇති බවයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කළේ.

විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් වහාම ශල්‍යකර්මයක් සිදුකර කතුර ඉවත් කර ඇති අතර, කාන්තාවගේ තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින බව සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපතිතුමාගේ වීඩියෝවක් පෙන්නලා සජිත් ආණ්ඩුවේ කට්ටියට සැරටම අමතයි
07:21
Video thumbnail
ආණ්ඩුවට කඩේ යන රන්ජන් රාමනායක එළියේ, ඥානසාර හාමුරුවෝ ඇතුලේ
01:57
Video thumbnail
අකුණු සන්නායකයක් නැතුව ඔයා එළියට බහින්න එපා - චාමර සම්පත් වසන්තට සැරටම දෙයි
10:40
Video thumbnail
ශිරන්ති රාජපක්ෂ ගුවන්තොටුපළෙන් එළියට එද්දි සහ අත්අඩංගුවට ගද්දි හිටපු හැටි
00:50
Video thumbnail
හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම අල්ලස් කොමිසමේ අත්අඩංගුවට
00:53
Video thumbnail
ඥානසාර හිමිට නව සිවුරක්.. හාම්දුරුවනේ ඕක ඇඳගන්න
00:42
Video thumbnail
නාමල් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම දෙයි
08:33
Video thumbnail
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු එකින් එක රාජිත හෙළිකරයි - අද නිදහස් සෞඛ්‍ය‍ය සේවයක් නෑ
12:48
Video thumbnail
මහා සංඝරත්නය ඥානසාර හිමිව අල්ලගනී - වැඩිකල් නෑ මේ ආණ්ඩුවට
03:31
Video thumbnail
අධිකරණයට ආපු ඥානසාර හිමි ඇඳුම ගැන කිව්ව දේ..
00:27