වන්නි දිස්ත්‍රික්කයේ මහමැතිවරණයට අතුරු තහනම් නියෝගයක් පැනවෙයි? – තීරණය හෙට

ඉදිරි මහ මැතිවරණයේ දී වන්නි දිස්ත්‍රික්කය සඳහා ඡන්ද විමසීම අත්හිටුවමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය ඉදිරිපත් කළ පෙත්සම සම්බන්ධ නියෝගය හේතු සහිතව හෙට (23) ප්‍රකාශයට පත්කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (22) දැනුම්දුන්නා.

නීතියට අනුව ප්‍රතික්ෂේප කරන ලද නාම යෝජනා තේරීම් බාර නිලධාරීයා භාර ගැනීම කළ යුතු බව ද පෙත්සමේ නියෝගය අද ප්‍රකාශයට පත්කරන බව දැනුම්දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය සඳහන් කළා.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ප්‍රීතී පද්මන් සූරසේන, ශිරාන් ගුණරත්න සහ ජනක් ද සිල්වා යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම සලකා බැලුණා.

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය පක්ෂයේ බලය ලත් නිලධාරී පරරාජසිංගම් උදයරාසා සහ තවත් අපේක්ෂකයින් දෙදෙනෙකු වන ජී. විජේන්ද්‍රන්රත්නම්, ඒ.කේ.ජී.සුබීහන් යන මහත්තුරු ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඇතුළු එහි සාමාජිකයින්, වන්නි දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරියා ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.

ඉදිරි මහ මැතිවරණයේ දී වන්නි දිස්ත්‍රික්කයෙන් තරඟ කිරීම සඳහා තමන් වන්නි දිස්ත්‍රික්කයේ තේරීම් භාර නිලධාරියාට සිය නාමයෝජනා පත්‍රය ඉදිරිපත් කළ බව පවසන පෙත්සම්කරුවෝ අදාළ නාමයෝජනා පත්‍රය විධිමත් ලෙස ඉදිරිපත් කර නොමැති බව සඳහන් කරමින් ඒ අවස්ථාවේදී අදාළ නාමයෝජනා පත්‍රය භාර ගැනීම තේරීම් භාර නිලධාරියා ප්‍රතික්ෂේප කළ බවත් සඳහන් කර ඇති බවයි වාර්තා වන්නේ.

විධිමත් ආකාරයෙන් සියලු ලේඛන ඉදිරිපත් කර තිබිය දී තම නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීමට දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරියා ගනු ලැබූ තීරණය නීතියට පටහැනි බව පෙන්වා දෙන පෙත්සම්කරුවෝ මේ තත්ත්වය යටතේ තේරීම් භාර නිලධාරියාගේ තීරණය බල රහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39