හලාවත එකම පවුලේ තිදෙනෙක් මිය යාමේ සිද්ධියේ තවත් තොරතුරු එළියට

හලාවත, සිංහපුර ප්‍රදේශයේ නිවසක හටගත් ගින්නකින් එකම පවුලේ තිදෙනෙක් මියයාමේ සිදුවීම; නිවස තුළ ඇති වූ ආරවුලක් මත සිදුවූවක් ද යන්න පිළිබඳ සැකයක් පවතින බව පොලිසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව පැවසුවේ නිවසේ ඉදිරිපස දොරටුව ඇතුළතින් අඟුලු දමා තිබූ බවට විමර්ශන නිලධාරීන්ට නිරීක්ෂණය වී ඇති බවත්, නිවසේ සාලය තුළ පොල් ලෙලි සහ දර පිටතින් රැගෙන ආ බවට සාක්ෂි දැකගැනීමට හැකි වූ බවයි.

හලාවත, සිංහපුර ප්‍රදේශයේ පිහිටි නිවසක ගින්නක් හටගෙන ඇති බවට අද (20) අලුයම් කාලයේ හලාවත පොලීසියට තොරතුරක් ලැබී තිබුණා.

එම තොරතුර මත එහි ගිය පොලිස් නිලධාරීන් ගිනි නිවීමේ භටයින් සමඟ එක්ව ගින්න නිවා දමා ඇති අතර, පසුව සිදුකළ සෝදිසි කිරීමේ දී පුදගලයින් තිදෙනෙකුගේ පිළිස්සුණු මළ සිරුරු සොයාගෙන තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 51ක පුද්ගලයෙක්, ඔහුගේ බිරිඳ වන වයස අවුරුදු 44ක කාන්තාවක් සහ ඔවුන්ගේ 15 හැවිරිදි දියණිය බවයි පොලිසිය පැවසුවේ.

එහිදී කාන්තාවගේ මළ සිරුරු පහත මාලයේ නිදන කාමරයක තිබී සොයාගෙන ඇති අතර, ඇයගේ හිස සිරුරෙන් වෙන් වී තිබු බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම කාන්තාව හලාවත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරිනියක් ලෙස සේවය කර ඇති අතර, පිරිමි පුද්ගලයා ඉඩම් අලෙවි කිරීමේ ව්‍යාපාරයක නිරතව සිටි අයෙක් බවයි වාර්තා වන්නේ.

හලාවත ආනන්ද ජාතික පාසලේ ඉගෙනුම ලැබු දැරිය ලබන වසරේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිට බව සඳහන්.

මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකිරීමෙන් අනතුරුව මළ සිරුරු හලාවත මූලික රෝහල වෙත පශ්චාත් මරණ පරීක්ෂණ සඳහන් අද (20) දහවල් රැගෙන ගොස් තිබෙනවා.

මේ අතර මීට මාසයකට පමණ පෙර මෙම නිවසේ තිබූ ලක්ෂ 25ක පමණ රන් ආභරණ අතුරුදහන් දී ඇති බවට ද තොරතුරු වාර්තා වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රෝහලේ අවසන් ගමන් ගිය කාන්තාවගේ ගෙදරට හොරු පැනලා ෆුල් සුද්දයක් දීලා
02:35
Video thumbnail
පාළු තැනක දමා ගිය අවු.4 දැරියක් - සිදුවීම තවමත් අබිරහසක්
01:00
Video thumbnail
වුණොත් නොවුණොත් කියන ඒවට මම උත්තර දෙන්නේ නෑ
12:11
Video thumbnail
විවෘත අල්ලස් දෙන්න හදන්නේ - රටේ ප්‍රජාතන්ත්‍රවාදයට අනතුරක්
06:05
Video thumbnail
අභියාචනාධිකරණය පළාත් මට්ටමට ගෙනියන්න ඕනේ
02:32
Video thumbnail
මධ්‍යම කඳුකරයේ ආපදාවට ලක් වූවන්ට ඉන්දියාවෙන් වියළි සලාක බෙදා දෙයි
01:00
Video thumbnail
කංජිපානි අල්ලන්න ගිය මෙහෙයුම ඕලුගලට වැරදුණාද ?
01:32
Video thumbnail
වියළි කාලගුණය නිසා සාගිනි වැවත් හිදිලා..ගොවියන් අසරණවෙයි
01:43
Video thumbnail
නාමල් කරුණාරත්න කරපු වැඩේ දැකලා කට්ටිය පුදුම වෙයි
02:31
Video thumbnail
විදෙස් ජාතිකයින්ට ගෙවල් කුලියට දෙන්න කලින් මේක දැනගන්න - පසුතැවෙන්න වෙයි
04:18