බංග්ලාදේශය තවත් ලකුණු 101ක් දකුණු අප්‍රිකාවට වඩා පළමු ඉනිමෙන් පසුපසින්

දකුණු අප්‍රිකාව සහ බංග්ලාදේශය අතර මේ දිනවල පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අද (22) නිමාවන විට සිය දෙවැනි ඉනිම පිතිකරණය අරඹා සිටින බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 03ක් දැවී ලකුණු 101ක් ලබා සිටිනවා.

මීර්පූර් හි දී පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශය පළමුව පන්දුවට පහර දුන් අතර ඔවුන් සිය පළමු ඉනිමට ලකුණු 106ක් රැස් කළා.

පළමු ඉනිම වෙනුවෙන් පිතිකරණයෙන් බංග්ලාදේශය වෙනුවෙන් සාර්ථක වූ එකම පිතිකරුවා වූයේ ලකුණු 30ක් ලබාගත් Mahmudul Hasan Joy පමණයි.

කඩුලු බිඳ දැමීමේ දී පළමු ඉනිම වෙනුවෙන් රබඩා, මහරාජ් සහ වියෑන් මල්ඩර් කඩුලු 03 බැගින් බිඳ දැමූ අතර එක් කඩුල්ලක් Dane Piedt හට හිමිවුණා.

ඉන් අනතුරුව සිය පළමු ඉනිමට පිතිකරණය අරඹමින් දකුණු අප්‍රිකාව සියල්ලන් ම දැවී ලකුණු 308ක් ලබාගත්තා.

විශිෂ්ට ටෙස්ට් ඉනිමක් ක්‍රීඩා කරමින් Kyle Verreynne ලකුණු 114ක් ලබාගත්තේ සිය ටෙස්ට් දිවියේ දෙවැනි ශතකයට හිමිකම් කියමින්.

වියෑන් මල්ඩර් ලකුණු 54ක් ලබාගත්තා.

දකුණු අප්‍රිකානු කඩුලු දඩයමේ දී බංග්ලාදේශය වෙනුවෙන් Taijul Islam කඩුලු 05ක් ද හසාන් මහමුද් කඩුලු 03ක් සහ කඩුලු 02ක් මෙහිඩි හසාන් ද බිඳ දැමුවා.

දකුණු අප්‍රිකානු කණ්ඩායමට වඩා බංග්ලාදේශ කණ්ඩායම තවත් ලකුණු 101ක් සිය පළමු ඉනිමෙන් පසුපසින් සිටිනවා.

සිව්වැනි කඩුල්ල වෙනුවෙන් බංග්ලාදේශය වෙනුවෙන් පිටියෙහි රැඳී සිටින්නේ Mahmudul Hasan Joy (38) සහ Mushfiqur Rahim (31).

හෙට (23) තරගයේ තෙවැනි දිනයයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපතිතුමාගේ වීඩියෝවක් පෙන්නලා සජිත් ආණ්ඩුවේ කට්ටියට සැරටම අමතයි
07:21
Video thumbnail
ආණ්ඩුවට කඩේ යන රන්ජන් රාමනායක එළියේ, ඥානසාර හාමුරුවෝ ඇතුලේ
01:57
Video thumbnail
අකුණු සන්නායකයක් නැතුව ඔයා එළියට බහින්න එපා - චාමර සම්පත් වසන්තට සැරටම දෙයි
10:40
Video thumbnail
ශිරන්ති රාජපක්ෂ ගුවන්තොටුපළෙන් එළියට එද්දි සහ අත්අඩංගුවට ගද්දි හිටපු හැටි
00:50
Video thumbnail
හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම අල්ලස් කොමිසමේ අත්අඩංගුවට
00:53
Video thumbnail
ඥානසාර හිමිට නව සිවුරක්.. හාම්දුරුවනේ ඕක ඇඳගන්න
00:42
Video thumbnail
නාමල් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම දෙයි
08:33
Video thumbnail
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු එකින් එක රාජිත හෙළිකරයි - අද නිදහස් සෞඛ්‍ය‍ය සේවයක් නෑ
12:48
Video thumbnail
මහා සංඝරත්නය ඥානසාර හිමිව අල්ලගනී - වැඩිකල් නෑ මේ ආණ්ඩුවට
03:31
Video thumbnail
අධිකරණයට ආපු ඥානසාර හිමි ඇඳුම ගැන කිව්ව දේ..
00:27