ජනපති ජාතියෙන් සමාව ගත යුතුයි – පාස්කු වාර්තා හෙළිකළ ගම්මන්පිළ කියයි (වීඩියෝ)

බලයට පත් වී පළමු මාසය තුළම බලය අයුතු ලෙස භාවිත කිරීම පිළිබඳව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව චේතනාන්විතව උල්ලංඝනය කිරීම පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතියෙන් සමාව ගත යුතු බව පිවිතුරු හෙළ උරුමයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ පවසනවා.

මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කමිටු වාර්තා ප්‍රසිද්ධ කිරීම වෙනුවෙන් අද (21) පෙරවරුවේ දී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

එහිදී මන්ත්‍රීවරයා පැවසුවේ පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන චූදිතයෙකු ලෙස විමර්ශන කමිටු වාර්තාවකින් නම් කර ඇති, වත්මන් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න වහාම එම තනතුරින් ඉවත් කළ යුතු බවයි.

රවී සෙනෙවිරත්න තනතුරෙන් ඉවත් කිරීම සහ පාස්කු වාර්තා ප්‍රසිද්ධියට පත් කිරීම යන කරනා ඉටු නොකළොත් ඉදිරි පාර්ලිමේන්තුවේ දී ජනාධිපතිවරයාට එරෙහිව දෝශාභියෝගයක් ගෙන ඒමට කටයුතු කරන බව ද මන්ත්‍රීවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියා.

මන්ත්‍රීවරයා විසින් පාස්කු ප්‍රහාරයට අදාළ වාර්තා දෙකෙන් එක් වාර්තාවක් අද (21) දිනයේ ප්‍රසිද්ධියට පත්කළ අතර අනෙක් වාර්තාව ලබන සඳුදා (28) ප්‍රසිද්ධියට පත්කරන බවයි පැවසුවේ.

  1. මේ වගේ කාලගන්නේ වැඩක් කරන්නෙත් නෑ කෙනෙකුට කරන්න දෙන්නෙත් නෑ අවුරුදු හත්ත හතරක්ම මේ වගේ ව්හල්ලු කොච්චර නම් හිටියද



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03