වනඅලි වෙනුවෙන් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විශේෂ තීරණයක් ගනියි

භාණ්ඩ ප්‍රවාහන දුම්රිය රාත්‍රී කාලයේ දී ධාවනය කිරීම සීමා කිරීමට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

අද (22) පස්වරුවේ මෙම තීරණය ගෙන ඇත්තේ පසුගියදා (18) මින්නේරිය – රොටවැව ප්‍රදේශයේ දී වන අලි රංචුවක් ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබූ දුම් රියක ගැටීමෙන් වන අලීන් දෙදෙනකු එම ස්ථානයේ ම ජීවිතක්ෂයට පත් වූ අතර තවත් අලි දෙදෙනකු බරපතළ තුවාල ලැබීමත් සමගයි.

වනඅලි දුම්රියේ ගැටීම වළක්වා ගැනීම සඳහා, ත්‍රිකුණාමලය – මඩකලපුව මාර්ගයේ දිවා කාලයේ පමණක් භාණ්ඩ ප්‍රවාහන දුම්රිය ධාවනයට තීරණය කිරීමටයි ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව මෙම තීරණය ගෙන ඇත්තේ.

පසුගියදා සිදු වූ අනතුරින් දුම්රිය මාර්ගයට මෙන් ම දුම්රියට ද දැඩි අලාභ හානි සිදු වූ අතර ප්‍රවාහනය කරමින් තිබූ ඉන්ධන ටැංකි ද මාර්ගයේ දෙපස පෙරළී ගියා.