UGC නව සභාපති වැඩ අරඹයි

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නව සභාපති ලෙස පත් වූ ජ්‍යේෂ්ඨ මහාචාර්‍ය කපිල එන්. සෙනෙවිරත්න මහතා සිය ධුරයෙහි වැඩ අරඹා තිබෙනවා.

අද (18) පෙරවරුවේ ඒ මහතා ධුරයේ රාජකාරී ඇරඹූ බවයි වාර්තා වන්නේ.

නව සභාපතිවරයාගේ පත්වීම සිදු වූයේ පසුගියදා හිටපු සභාපති ජ්‍යේෂ්ඨ මහාචාර්‍ය සම්පත් අමරතුංග ඇතුළු පිරිස ඉල්ලා අස්වීමත් සමගයි.

මහැදුරු කපිල එන්. සෙනෙවිරත්න යනු කැලණිය විශ්වවිද්‍යාලයේ රසායනික විද්‍යා අංශයේ ජ්‍යේෂ්ඨ මහාචාර්යවරයෙක් වන අතර මෙරට සිටින දක්ෂ පර්‍යේෂකයෙකු ද වනවා.

එමෙන්ම 2018 හොඳම පර්‍යේෂණ සම්මානය (SUSRED) ද මෙම මහාචාර්‍යවරයා විසින් දිනාගනු ලැබුවා.

  1. සභාපතිවරුන් දහ දෙනෙකුට සේවය කළ, 2023 වර්ෂය අගභාගයේ විශ්‍රාම ගොස් සිටින වෘත්තීය සමිති නායකයෙක් වන නීල් ගාල්ලගේ වන මගේ උණුසුම් සුභ පැවතුම්, විශ්වවිද්‍යාලය පද්ධතිය එකොළොස් වෙන සභාපතිතුමාට ජය වේවා!!

  2. මහාචාර්ය සම්පත් අමරතුංග හරිම නිහතමානී මහත්මයෙක්.මට නම් තේරෙන්නෙ නෑ ඇයි එකුමාව ඉවත් කලේ කියල.