AFC Banner
Empty Ad
Empty Ad

ඩෙංගු රෝගය වැළදීමෙන් යාපනයේ තවත් අයෙක් ජිවිතක්ෂයට

ඩෙංගු උණ වැළදී සිටි වයස අවුරුදු 23 ක තරුණයෙකු ඊයේ(27) ප්‍රතිකාර ලබමින් සිටියදී ජිවිතක්ෂයට පත්ව ඇති බව යාපනය රෝහල් ආරංචි මාර්ග පවසති.

රෝහල් ආරංචි මාර්ග පැවසූවේ යාපනය අච්චුවේලි ප්‍රදේශයේ පදිංචි රවිචන්ද්‍ර සාරුරන් නමැති තරුණයෙකු එලෙස ජිවිතක්ෂයට පත්ව ඇති බවයි.

ගතවු සතියක කාලය තුළ යාපනය රෝහල තුළින් ඩෙංගු රෝගීන් තිදෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බවද රෝහල් ආරංචි මාර්ග සඳහන් කළහ.

ඩෙංගු උණ වැළදුණ යාපනය,තාවඩි ප්‍රදේශයේ පදිංචි මාස 11 ක් වයසැති මදුරන් කිරුතිෂ් නමැති පිරිමි දරුවෙකු 25 වැනිදා ජිවිතක්ෂයට පත්ව තිබිණ.

ඩෙංගු උණ වැළදී ප්‍රතිකාර ලබමින් සිටි යාපනය විශ්ව විද්‍යාලීය කළා පීඨයේ අධ්‍යාපනය ලද ගුණරත්නම් සුබීන් නමැති සිසුවියක්  24 වැනිදා ජිවිතක්ෂයට පත්විණ. 

යාපනය රෝහල් අධ්‍යක්ෂකවරයා පැවසූවේ දෙසැම්බර් මාසය තුළදි පමණක් ඩෙංගු උණ රෝගය වැළදුන රෝගීන් 1000 කට ආසන්න පිරිසක් රෝහලෙන් ප්‍රතිකාර ලබා ගැනීමට යොමුව ඇති බවයි.

පසුගිය අඟහරුවාද දිනයේ පමණක් ඩෙංගු උණ රෝගීන් 71 දෙනෙකු රෝහලෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණ ඇති බවද රෝහල් අධ්‍යකෂකවරයා පැවසූවේය.

පවතින වැසි තත්වය සමඟ යාපනය දිස්ත්‍රික්කය තුළ අධික ලෙස ඩෙංගු රෝගීන් වාර්තාවීම සිදුවන බව සෞඛ්‍ය අංශ පවසති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?