වීර්-සාරා යළිත් රිදී තිරයට – සතියක් තුළ වාර්තා ගත ආදායමක්

ෂාරුක් ඛාන් සහ ප්‍රීති සින්ටාගේ රංගනයෙන් හැඩ වූ ජනප්‍රිය බොලිවිඩ් සිනමාපටයක් වන වීර්-සාරා චිත්‍රපටය යළි ප්‍රදර්ශනය අරඹා තිබෙනවා.

මෙම චිත්‍රපටය ලොවපුරා නැවත ප්‍රදර්ශනය කිරීමෙන් රුපියල් කෝටි 100ක ආදායමක් පසුගිය සතියේ පමණක් උපයා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ෂාරුක් ඛාන්, ප්‍රීති සින්ටා සහ රාණි මුකර්ජි රංගනයෙන් දායක වූ යෂ් චොප්රා අධ්‍යක්ෂණය කළ වීර්-සාරා ආදර කතාව 2004 ප්‍රදර්ශනය කෙරුණා.

මෙම චිත්‍රපටය 2005 සිට 2023 දක්වා කාලය තුළ විවිධ අවස්ථාවන්වල දී ප්‍රදර්ශනය කිරීමෙන් රුපියල් කෝටි 2.50ක අදායමක් උපයා ඇති බවයි වාර්තා වන්නේ.

යෂ් රාජ් ෆිල්ම්ස් විසින් නිෂ්පාදනය කරන ලද වීර්-සාරා චිත්‍රපට සඳහා ෂාරුක් ඛාන්, ප්‍රීති සින්ටා සහ රාණි මුකර්ජිට අමතරව අමිතාබ් බච්චන්, හේමා මාලිනී, මනෝජ් බජ්පායි, බෝමන් ඉරානි, කිරොන් ඛෙර්, අනුපම් ඛෙර් සහ දිව්‍යා දත්තා යන නළු නිළියන් රංගනයෙන් දායක වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
0
+1
4
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.14
00:00
Video thumbnail
ගොවියෝ දැන් සතුටින් ඉන්නවා මල්ලි - අපි උපරිම පහසුකම් දෙනවා
05:58
Video thumbnail
රාජපක්ෂලා තව ටික කාලයක් පාලනයේ හිටියා නම් මුළු රටම අපරාධකරුවෝ වෙනවා
11:44
Video thumbnail
රෙද්ද පල්ලේන් ආණ්ඩුවේ නිරුවත පේනවා - මේකේ ඉන්නේ ඩෝබිලා විතරක් නෙමෙයි
05:18
Video thumbnail
ශ්‍රී ලංකාවට එන සංචාරකයින් ඩොලර් 148ක් වියදම් කරන්නේ - මේක වැඩි කරගත යුතුයි
02:51
Video thumbnail
මොහු දුටු තැන ප්‍රවේශම් වෙන්න..!වහාම පොලිසියට කියන්න
00:44
Video thumbnail
නිවස ඉදිරියේම කතක් එළොව ගිය බිහිසුණු ඉරණම
00:28
Video thumbnail
මොහු දුටු තැන ප්‍රවේශම් වෙන්න..! - දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට සුද්දයක් දුන් සොරදෙටුවා
02:29
Video thumbnail
මුජිබුර්, අධිකරණ ඇමතිට දෙහි කපයි
08:49
Video thumbnail
වේලූ රෙදි ගන්න ගිය තිදරු මව දුම්රියක ගැටී එළොව යයි - කළුතරම සසල කළ ඛේදවාචකය
00:51