දිමුත් සහ චන්දිගෙන් ශ්‍රී ලංකා දෙවන ඉනිමට සවිමත් අත්තිවාරමක්

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තුන්වන දිනට අද තරගය නතර කරනවිට ශ්‍රී ලංකාව සිය දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටියා.

අද (20) දිනට තරගය නතර කරනවිට ශ්‍රී ලංකාව දෙවන ඉනිම වෙනුවෙන් කඩුලු 04ක් දැවී ලකුණු 237ක් රැස්කරගෙන සිටියේ නවසීලන්තයට වඩා ලකුණු 202ක් ඉදිරියෙන් සිටිමින්.

දිනය අවසන් වනවිට නොදැවී කඩුල්ලේ රැඳී සිටි නායක ධනංජය ද සිල්වා ලකුණු 34ක් සහ ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 34ක් රැස්කරගෙන සිටියා.

ශ්‍රී ලංකා දෙවන ඉනිම වෙනුවෙන් දිමුත් කරුණාරත්න ලකුණු 83ක් සහ දිනේෂ් චන්දිමාල් ලකුණු 61ක් රැස් කළා.

ඔවුන් දෙදෙනා එක්ව දෙවන කඩුල්ල සඳහා ලකුණු 147ක සම්බන්ධතාවයක් ගොඩනඟමින් ඉනිම ශක්තිමත් කිරීමට සමත් වුණා.

ශ්‍රී ලංකාව පළමු ඉනිමට රැස්කළ ලකුණු 305ට පිළිතුරු වශයෙන් නවසීලන්තය සිය පළමු ඉනිමට සියල්ලන් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 340ක්.

මේ අතර ජනාධිපතිවරණ ඡන්ද විමසීම පැවැත්වීම හේතුවෙන් හෙට (21) දිනය තරගයේ විවේකී දිනයක් ලෙස නම්කර ඇති අතර, සිව්වන දිනට තරගය ආරම්භ වන්නේ ලබන 22 වනදායි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යුද හමුදාවට රටේ බලය දීම ගැන දොලවත්තගෙන් හෙළිදරව්වක් - හමුදාවට පුරුදු නෑ මිනිස්සු එක්ක ගණුදෙනු කරලා
07:45
Video thumbnail
ජනපති අනුර සහභාගී වන ගම්පහ මහා රැලිය
00:00
Video thumbnail
අවු:20කින් හාරපු නැති ඇළක අනවසර ඉදිකිරීම ගොඩක් කරලා - ඉවත් කිරීමේදී මිනිස්සුන්ගෙන් චෝදනා
04:19
Video thumbnail
තිලීපන්ගේ පිළිරුව පොලිසියෙන් ඇවිත් ගලවගෙන යන හැටි - "ගලවපන්..ගලවපන් - කඩන්න එපා"
01:58
Video thumbnail
තාත්තයි පුතයි ඇවිත් සුපිරි වෙළෙඳසැලක කරපු වංචනික වැඩේ - කැරම් බෝඩ්වල Barcode මාරු කරලා දුන්න ගේම
01:36
Video thumbnail
කාටත් හොරා තබාගත් රිවෝල්වරයක් සහ උණ්ඩ දෙකක් සමඟ පුද්ගලයෙක් වාද්දූවෙන් කොටු
00:51
Video thumbnail
වැල්ලවායේ කඳු පංතියක හදිසියේම හටගත් විශාල ගින්න - අක්කර පනහකට වඩා විනාශයි
01:29
Video thumbnail
ඔයාලා කැලවල් අස්සෙනේ හිටියේ..දකින්නේ කොහෙද? - සර්ගේ වරද එතකොට ?අපි බයවෙයි ඔයාලට
05:26
Video thumbnail
උපන්දිනයදා රටටම දැනෙන්න බිබිලෙන් අපූරු ආදර්ශයක්
01:24
Video thumbnail
හේම‍රතන හිමි නැවත තේවා කටයුතුවලට සහභාගී වෙනවා ?
01:24