Update – ට්‍රම්ප් සහභාගී වූ භෝජන සංග්‍රහයේ වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් හානියක් නෑ – උත්සවය දින 30ක් තුළ යළි පැවැත්වීමට ට්‍රම්ප්ගෙන් උපදෙස්

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ බිරිඳ මෙලනියා ට්‍රම්ප්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙමින් තිබූ ධවල මන්දිර වාර්තාකරුවන්ගේ සංගමයේ වාර්ෂික රාත්‍රී භෝජන සංග්‍රහය අතරතුර සිදු වූ වෙඩි තැබීමෙන් කිසිවෙකුටවත් හානියක් සිදුව නොමැති බව විදෙස් මාධ්‍ය මේ වනවිට වාර්තා කරනවා.

වොෂින්ටනයේ ‘වොෂින්ටන් හිල්ටන්’ හෝටලයේ පැවැත්වෙමින් තිබූ මෙම රාත්‍රී භෝජන සංග්‍රහය අවලංගු කිරීමට මේ වනවිට කටයුතු කර ඇති අතර, උත්සවය ප්‍රමාද කර නැවත දින 30ක් ඇතුළත පවත්වන ලෙසයි ට්‍රම්ප් ජනාධිපතිවරයා උපදෙස් දී ඇත්තේ.

සිද්ධියේ පසු ජනාධිපති ට්‍රම්ප් සහ ආර්යාව වොෂින්ටන් හිල්ටන් හෝටලයෙන් ආරක්ෂිතව පිටව ගොස් ඇති බවයි වාර්තා වුණේ.

එමෙන්ම ට්‍රම්ප්ගේ ආරක්ෂක කණ්ඩායම සැකකාර තුවක්කුකරු උත්සව ශාලාවෙන් පිටතදී අත්අඩංගුවට ගත් බවත් කිසි විටෙකත් ඔහු උත්සවයට ඇතුළු නොවූ බවත් ධවල මන්දිර වාර්තාකරු සංගමයේ මණ්ඩල සාමාජිකා කෝට්නි සුබ්‍රමනියන් පවසනවා.

මේ අතර ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරයෙන් පිටත දී මාධ්‍ය ඇමතීමට නියමිත බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රදේශවාසීන්, පොලිසිය සහ නාවික හමුදාව සමඟ උණුසුම් තත්ත්වයක් - නේවි එකක් පොලිසියක් ඕනි නෑනේ මෙහාට
01:43
Video thumbnail
බෙල්ලන්විල රත්කල වෙ#ල්ලෙන් පුද්ගලයෙකු එළොව යයි - මෙන්න එහි නවතම දර්ශන
02:11
Video thumbnail
හාමුදුරුවරුන් ආණ්ඩුව වෙනුවෙන් හඬ නගයි - පාලකයන්ට හැට පැනලා ඉන්න පුළුවන්නම් මෙයාලට ඇයි බැරි ?
05:14
Video thumbnail
පහුගිය ආණ්ඩු දෙක තවම තිබ්බනම් පොළේ එළවළු ගානටම කුඩු විකුණයි - හීනෙන් ඇහැරිලා වගේ කෑගහනවා
07:33
Video thumbnail
මැණික් ව්‍යාපාරිකයින් පුදුම කළ නාමල්ගේ උත්තරේ - ජනාධිපති වුණොත් මැණික් කර්මාන්තයට මොකද කරන්නේ ?
07:47
Video thumbnail
ඔයාගේ කනේ ඩෙසිබල් මීටරයක් එනවද ?හරි මම බලාගන්නම්කෝ උසාවියේදී ලස්සනට ඒක
06:01
Video thumbnail
ඔයත් ඊශ්‍රාලයට යන්න හීන දකින කෙනෙක්ද ?මේ කරුණු නොදැන යන්න හිතන්නවත් එපා
02:48
Video thumbnail
හයි කැපෑසිටි බයික් ගැන නාමල් කිව්ව දේ - මගේ මතය නම් 1200ccවලට අවසරය දෙන්න ඕනි
01:35
Video thumbnail
මිරිස්ස ධිවර වරායේ උණුසුම් තත්ත්වයක් - "මම විද්‍යාඥයෙක්නම් නාසා එකේ ඉන්න එපැයි"
02:04
Video thumbnail
ජනාධිපති මන්දිර ගැන නාමල් කට අරියි - හිටියත් එකයි නැතත් එකයි අදාළ වියදම් ටික යනවා
02:02