මුහුදුබඩ ප්‍රදේශවල සුළඟේ වේගය වැඩිවීම හේතුවෙන් මුහුදු ප්‍රදේශ රළුවිය හැකිබව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ, අනුව කන්කසන්තුරය සිට මන්නාරම හරහා පුත්තලම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 50-60ත් දක්වා වැඩිවන අතර, එම මුහුදු ප්‍රදේශ විටින් විට රළුවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ.
එමෙන්ම පුත්තලම සිට කොළඹ ගාල්ල සහ මාතර හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ මුහුදු රළ උස මීටර් 2- 2.5 දක්වා ඉහළ යාමේ හැකියාවක් පවතිනවා.
එබැවින් ධීවර සහ නාවික ප්‍රජාව මේ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙසයි එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින්නේ.













