Update – බදුල්ල රෝහලේ නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයාගේ මරණය ගැන පොලිසියට සැකයක්

අතුරුදන්ව සිටි බදුල්ල ශික්ෂණ රෝහලේ නිර්වින්දන විශේෂඥ වෛද්‍ය ප්‍රභාත් අනුරාධගේ මළ සිරුර අද (24) පෙරවරුවේ සොයාගත්තා.

49 වන වියේ පසුවූ මෙම වෛද්‍යවරයාගේ සිරුර සොයාගනු ලැබුවේ මහියංගනය, මාපාකඩවැව, 17 කණුව ප්‍රදේශයේ ලඳු කැලෑවක තිබිය දීයි.

නිර්වින්දන විශේෂඥ වෛද්‍ය ප්‍රභාත් අනුරාධ ඊයේ (23) දිනයේ සිට අතුරුදන්ව ඇති බවට පොලිසිය ලැබුණු පැමිණිල්ලකට අනුව ඔහු සෙවීමේ විමර්ශන අරඹා තිබුණා.

එහිදී වෛද්‍යවරයාගේ මෝටර් රථය බදුල්ල – මහියංගනය මාර්ගයේ මාපාකඩවැව, 17 කණුව ප්‍රදේශයේ තිබී සොයාගැනීමට හැකිව තිබෙනවා.

ඒ, පොලිසිය සහ යුද හමුදාව එක්ව සිදුකළ ඒකාබද්ධ මෙහයුමකදීයි.

අනතුරුව අතුරුදන්ව සිටි වෛද්‍යවරයාගේ මෘත ශරීරය මෝටර් රථය තිබූ ස්ථානයට මීටර් 800ක් දුරින් ලඳු කැලෑවක ගලක් උඩ තිබිය දීඅද (24) පෙරවරුවේ සොයාගැනීමට පොලිසියට හැකිව තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ මෘත ශරීරය තිබූ ස්ථානයේ තිබී ඖෂධ වර්ග 03ක් ද සොයාගැනීමට හැකි වූ බවයි.

ඒ අනුව වෛද්‍යවරයා එම ඖෂධ වර්ග පානය කර සියදිවි නසා ගෙන ඇති බවට පොලිසිය සැකපළ කරනවා.

මෙම වෛද්‍යවරයා කලක සිට මානසික ආතතියට ඖෂධ ලබාගෙන ඇති බව ද අනාවරණය වී ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් මහියංගන පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04
Video thumbnail
ආණ්ඩුව නියමයි මෙහෙම තමයි කරන්න ඕන..නියමයි නියමයි
01:11
Video thumbnail
පොහොට්ටු රැළිය ඩ්‍රෝන ඇසට හසුවූ අයුරු
01:09
Video thumbnail
මහ සෙනඟක් ජනපති ළඟට එන්න පොරකයි
01:16
Video thumbnail
බිබිලට තද වැසි ඇදහැලුණු අයුරු මෙන්න - කාලගුණය වෙනස් වුණු හැටි
00:25
Video thumbnail
පොහොට්ටු රැළිය ඩ්‍රෝන ඇසට හසුවූ අයුරු - මහ ජන ගඟින් භූමිය වැසී ගිහින්
01:13
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස - කොහොමද වහින වැස්ස - පාරවල් උතුරයි
01:15
Video thumbnail
තව අවු: 40කටවත් යන්නේ නෑ NPP එක - නිධානයක් උඩ ඉදගෙන හිඟා කකා හිටියේ අපි
05:07
Video thumbnail
ප#ළිගැනීම්වල ඉතිහාසය හෙළිකරපු ජනපති - තව මේ වාරේ අවු:3යි..තව වාර ගොඩක් තියෙනවා
05:20
Video thumbnail
"නොම්බර එකයි මහත්තයෝ ආ ආණ්ඩුව නියමයි"කහටගස්දිගිලියේ මිනිස්සුන්ගෙන් ජනපතිට ප්‍රශංසා
02:27