රවී කරුණානායකගේ නිවසට අල්ලස් කොමිසමේ නිලධාරීන් පනී

පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායකගේ පාර්ලිමේන්තු පාරේ පිහිටි නිවසට අල්ලස් කොමිසමේ නිලධාරීන් කණ්ඩායමක් මේ වනවිට ගොස් තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට අද (29) දිනයේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින ලෙස දන්වා තිබුණා.

එම දැනුම්දීමට අනුව මන්ත්‍රීවරයා පැමිණ නොසිටීම හේතුවෙන් එහි නිලධාරීන් කණ්ඩායමක් අද (29) මෙලෙස ඔහුගේ නිවස වෙත ගොස් ඇති බවයි වාර්තා වුණේ.