අතුරුදන්ව සිටි බදුල්ල රෝහලේ දොස්තරගේ මළ සිරුර මහියංගනයෙන් හමුවෙයි

අතුරුදන්ව සිටි බව කියන බදුල්ල ශික්ෂණ රෝහලේ නිර්වින්දන වෛද්‍යවරයෙකුගේ මෘත ශරීරය අද (24) උදෑසන සොයාගෙන තිබෙනවා

49 හැවිරිදි මෙම වෛද්‍යවරයාගේ මෘත ශරීරය මහියංගනය පොලිස් වසමේ මාපාකඩ, 17 කණුව ප්‍රදේශයේ තිබී හමුවූ බවයි පොලිසිය සඳහන් කළේ.

මහියංගනය, මාපාකඩ, 17 කණුව ප්‍රදේශයේ සැක කටයුතු ලෙස නවතා තිබූ මෝටර් රථයක් පිළිබඳව ලැබුණු තොරතුරකට අනුව පොලිසිය එහි ගොස් පරීක්ෂා කර තිබෙනවා.

එලෙස සිදුකළ පරීක්ෂා කිරීම්වල දී මෝටර් රථයට මීටර් 800ක් පමණ දුරකින් තිබී අදාළ වෛද්‍යවරයාගේ සිරුර හමු වී ඇති බවයි වාර්තා වුණේ.

අදාළ වෛද්‍යවරයා ඊයේ (23) දිනයේ සිට අතුරුදන්ව ඇති බවට පොලිසියට පැමිණිලි ලැබී තිබුණා.

මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් මහියංගනය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36
Video thumbnail
පැටියාට මාසයයි - වැස්සිව හොරු අරන් ගිහින් - ඇල්ලුවොත් හරක් හොරා මානව හිමිකම් යයිලු
06:06
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40
Video thumbnail
පොලිස් අණ නොතැකූ වෑන් රථයට පොලිසියෙන් වෙ# - "ජීප් එක හරස් කරා අරූ අයිනෙන් යන්න ගියා"
02:56
Video thumbnail
ජගත්ට යකා වැහෙයි..සංජයගෙයි, නිරුක්ෂගෙයි පැටිකිරිය හෙළිකරයි - මුන් මේ හොරු ටිකක් - රෙදි ග#වනවා මුන්ගේ
04:36
Video thumbnail
පොහොට්ටු රැළිය ගැන නලින්ද සැරටම කියයි - අපිට මේ රැස්වීම අභියෝගයක් වෙන්නේ නෑ
02:58
Video thumbnail
රත්නපුරයේ ප්‍රථම ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථානයට මුල්ගල තියන්න ගිය නලින්ද
04:29
Video thumbnail
භූමිතෙල් දාලා ධාවනය කළ බස් රථ රියදුරන් දෙදෙනෙකු පොලිසියෙන් කුදලන් එයි
00:33
Video thumbnail
දෙහිවල බෝ#බ ප්‍ර#හාරයෙන් අවසන් ගමන් ගිය පුංචි පුතුන් දෙදෙනාගේ දේහය නිවසට
02:53