අතුරුදන්ව සිටි බව කියන බදුල්ල ශික්ෂණ රෝහලේ නිර්වින්දන වෛද්‍යවරයෙකුගේ මෘත ශරීරය අද (24) උදෑසන සොයාගෙන තිබෙනවා
49 හැවිරිදි මෙම වෛද්‍යවරයාගේ මෘත ශරීරය මහියංගනය පොලිස් වසමේ මාපාකඩ, 17 කණුව ප්‍රදේශයේ තිබී හමුවූ බවයි පොලිසිය සඳහන් කළේ.
මහියංගනය, මාපාකඩ, 17 කණුව ප්‍රදේශයේ සැක කටයුතු ලෙස නවතා තිබූ මෝටර් රථයක් පිළිබඳව ලැබුණු තොරතුරකට අනුව පොලිසිය එහි ගොස් පරීක්ෂා කර තිබෙනවා.
එලෙස සිදුකළ පරීක්ෂා කිරීම්වල දී මෝටර් රථයට මීටර් 800ක් පමණ දුරකින් තිබී අදාළ වෛද්‍යවරයාගේ සිරුර හමු වී ඇති බවයි වාර්තා වුණේ.
අදාළ වෛද්‍යවරයා ඊයේ (23) දිනයේ සිට අතුරුදන්ව ඇති බවට පොලිසියට පැමිණිලි ලැබී තිබුණා.
මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් මහියංගනය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.













