නාවලපිටියේ දී පුද්ගලික බස් රථයක් පෙරලී සිව්දෙනෙක් රෝහලේ

වැල්ලවැයේ සිට නාවලපිටිය දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරලීමෙන් එම බස් රථයේ ගමන් ගත් සිව්දෙනෙක් තුවාල ලබා නාවලපිටිය දිස්තික් මහ රෝහල වෙත අද (29) දින ඇතුළත් කර තිබෙනවා.

අද (29) උදෑසන 08.15ට පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ ගිනිගත්හේන නාවලපිටිය ප්‍රධාන මාර්ගයේ නාවලපිටිය, රඹුක්පිටිය ප්‍රදේශයේ දී යි.

නාවලපිටිය ප්‍රදේශයේ පැවැත්වෙන විවාහ මංගල උත්සවයකට සහභාගී වීම සඳහා පිරිසක් පැමිණි බස් රථයක් මෙලෙස අනතුරට පත්ව තිබෙනවා.

බස් රථය අනතුරට පත් වන අවස්ථාවේ එහි 27 දෙනෙක් ගමන්කර ඇති බවත්, අනතුරට හේතුව බස් රථයේ රියදුරුට නින්ද යෑම බවට සැකකරන බවයි පොලිසිය සැකකරනවා.

නාවලපිිටිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන ගම්පහ මහා රැලිය
00:00
Video thumbnail
උසාවියට අඩිය තියන්නේ නෑ කියලා හිතපු අයට උසාවියට එන්න වෙලා
02:36
Video thumbnail
ගම්පහ රැළියේ ඇතුළේ ඉඩ මදි නිසා පාරෙත් මහ සෙනඟක් - අතුරු සිදුරු නැතුව වැසුණු ගම්පහ
01:11
Video thumbnail
හොරුන්ට දඬුවම් දෙන එකේ සීමාවක් නෑ - ජනාධිපතිගේ කතාවට අත්පුඩි වරුසාවක්
03:19
Video thumbnail
මොළ 7යි ලු, හාහා මතකයි නේද.. ජනාධිපතිගේ කතාවෙන් හැමෝටම හිනා
04:40
Video thumbnail
ආණ්ඩුව හිටගන්නේ හොරු, තක්කඩි එක්ක නෙවෙයි - අපි බලය ගත්තම එයාලා බයවුණ..බයෙන් දෙඩෙව්වා
12:33
Video thumbnail
ප්‍රසාද් සර්ගේ කතාවට ගම්පහටම ගිහින් මහින්ද ජයසිංහ රිදෙන්නම දෙයි
04:07
Video thumbnail
මුළු ගම්පහම හොල්ලමින් ජනපති අනුර ගම්පහ වේදිකාවට එයි - ජනතාව ප්‍රීති ඝෝෂා නගයි
01:45
Video thumbnail
නාමල් විතරක් නෙමෙයි, අපි ඔක්කොම ඇතුලට යන්න පුළුවන්
00:59
Video thumbnail
ශිරන්තිගේ ඇසේ සැත්කමක් කරන්න තියෙනවා - බෙහෙත් ගත්තු ගමන් ආපහු එයි
02:25