අල්ලස් කොමිසමෙන් නිවසට පැමිණීම ගැන රවීගේ පාර්ශවයෙන් පැහැදිලි කිරීමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායකගේ නිවසට අද (29) උදෑසන අල්ලස් කොමිසමේ නිලධාරීන් කණ්ඩායමක් ගොස් තිබෙනවා.

මන්ත්‍රීවරයාට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනීසිටින ලෙස ඔහුට දැනුම් දී තිබුණ ද, ඔහු එම දැනුම්දීමට අනුව පැමිණ නොසිටීම හේතුවෙන් එම කොමිෂන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක් මෙලෙස ඔහුගේ නිවස වෙත ගොස් ඇති බවයි වාර්තා වුණේ.

සිදු කරගෙන යනු ලබන විමර්ශනයකට අදාළව අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස මන්ත්‍රීවරයාට දැනුම්දීමක් කර තිබුණ ද, අදාළ දිනයේ දී මන්ත්‍රීවරයාට කොමිසමට පැමිණීමට නොහැකි බැවින්, නීතිඥයන් හරහා වෙනත් දිනයක් ඉල්ලා ඇති බවත්, එලෙස නව දිනයක් ලබාදීමට අල්ලස් කොමිසම එකඟවී ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායකගේ පාර්ශවයේ ආරංචි මාර්ග පවසනවා.

අල්ලස් කොමිසමේ නිලධාරීන් මෙලෙස නිවෙසට පැමිණ ඇත්තේ එවැනි තත්වයක් යටතේ බවද එම පාර්ශ්වය වැඩිදුරටත් සඳහන් කළා.

කෙසේ වෙතත් මන්ත්‍රීවරයා ඉදිරි දිනකදී අල්ලස් කොමිෂම හමුවේ පෙනී සිටින බවට ද පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායකගේ නීතිඥවරුන් දැනුම් දෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපතිතුමාට යන්න දෙන්නෙත් නෑ - මිනිස්සු අතින් අල්ලාගනී
03:03
Video thumbnail
ඔයාලා කැලවල් අස්සෙනේ හිටියේ..දකින්නේ කොහෙද?
01:39
Video thumbnail
තාත්තයි පුතයි සුපිරි වෙළෙඳසැලක කරපු වංචනික වැඩේ
01:23
Video thumbnail
තිලීපන්ගේ පිළිරුව පොලිසියෙන් ඇවිත් ගලවගෙන යන හැටි
01:02
Video thumbnail
නාවික හමුදාපතිගෙන් සැර කතාවක් - අපගේ කිසිම මෙහෙයුමක් ලිහිල් කරන්නේ නෑ
05:11
Video thumbnail
අතුරු සිදුරු නැතුව වැසුණු ගම්පහ රැළිය
01:04
Video thumbnail
ජනපති අනුර සහභාගී වන ගම්පහ මහා රැලිය
02:58:20
Video thumbnail
උතුරු වෙරළේ කොටුවූ මත්ද්‍රව්‍ය ගැන විශේෂ අනාවරණයක් - මේ මිනිස්සුන්ට කිසිම හිතක් පපුවක් නැද්ද ?
09:04
Video thumbnail
උසාවියට අඩිය තියන්නේ නෑ කියලා හිතපු අයට උසාවියට එන්න වෙලා
02:36
Video thumbnail
ගම්පහ රැළියේ ඇතුළේ ඉඩ මදි නිසා පාරෙත් මහ සෙනඟක් - අතුරු සිදුරු නැතුව වැසුණු ගම්පහ
01:11