Update – කොස්ගම වෙඩිල්ලත් සමඟ ප්‍රදේශයේ විශේෂ සෝදිසි මෙහෙයුමක්

ආරක්ෂක අංශවල සහභාගීත්වයෙන් කොස්ගම පොලිස් බල ප්‍රදේශයේ විශේෂ සෝදිසි මෙහෙයුමක් අරඹා තිබෙනවා.

අද (06) අලුයම් කාලයේ කොස්ගම, බොරළුගොඩ ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමත් සමඟ මෙම විශේෂ සෝදිසි මෙහෙයුම අරඹා ඇති බවයි වාර්තා වුණේ.

කොස්ගම,රුවන්වැල්ල, දෙහිඕවිට, ගලපිටමඩ සහ අවිස්සාවේල්ල යන පොලිස් ස්ථානවල නිලධාරීන්, විශේෂ කාර්ය බලකා පූගොඩ කඳවුරේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් විශේෂ සෝදිසි මෙහෙයුම සිදුකරනු ලබනවා.

මෙහිදී හයිලෙවල් මාර්ගයේ ගමන් කරන රථ වාහන මෙන්ම පුද්ගලයන්ද දැඩි පරීකෂාවට ලක් කරන බවයි දසත නිවුස් ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

අද (06) අලුයම් කාලයේ කොස්ගම, බොරළුගොඩ ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් කුලී ත්‍රිරෝද රථයක් ගමන් කරමින් සිටි තිදෙනෙක් තුවාල ලැබුවා.

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙක් ත්‍රිරෝද රථ හරස්කර නවත්වා මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වෛද්‍යවරියන්ගේ නාන කාමරවල කැමරා සවිකල 19න් පහළ ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනාට ඇප
02:00
Video thumbnail
වෛද්‍යවරියන්ගේ නාන කාමරවල කැමරා සවිකල 19න් පහළ ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනාට ඇප
02:27
Video thumbnail
මට මේවා වුණේ මගේ ගැහැණුකම නිසා..කොච්චර මඩ ගැහුවත් මගේ කට වහන්න බෑ
05:14
Video thumbnail
රාජාංගනයේ හිමි මත්ද්‍රව්‍ය ගෙනා හිමිවරුන්ට හොඳටම අමතයි..අපිට ජනපතිද අගමැතිද මොකෙක්වත් අදාළ නෑ
06:07
Video thumbnail
ඩයගම - හැටන් බිහිසුණු අනතුරෙන් එක් අයෙකුට දිවි අහිමි වෙයි..පුද්ගල‍යින් 30කට පමණ තුවාල
03:04
Video thumbnail
ඩොලර් වංචාව ගැන තවත් ප්‍රබල හෙළිදරව්වක් මෛත්‍රී හෙළිකරයි..B වාර්තාව පිටට දෙන්න එපා කියලා
07:43
Video thumbnail
මුදල් ලේකම් හෙට මුදල් කමිටුවට එන්නේ නැල්ලු..මොනවද හංඟන්න තියෙන්නේ..ඇයි බය මේ
09:41
Video thumbnail
අනුරට මාධ්‍යයේ විජ්ජාව ගැන හොඳ නිපුණතාවයක් තියෙනවා..බොරු පලස්තර ගහනවා
07:04
Video thumbnail
ශම්මිට අහිමි වුණ සභාපති පුටුව ඉරාන්ට හිමිවෙයි
01:15
Video thumbnail
🔴Breaking News
02:01