Update – කොස්ගම වෙඩිල්ලත් සමඟ ප්‍රදේශයේ විශේෂ සෝදිසි මෙහෙයුමක්

ආරක්ෂක අංශවල සහභාගීත්වයෙන් කොස්ගම පොලිස් බල ප්‍රදේශයේ විශේෂ සෝදිසි මෙහෙයුමක් අරඹා තිබෙනවා.

අද (06) අලුයම් කාලයේ කොස්ගම, බොරළුගොඩ ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමත් සමඟ මෙම විශේෂ සෝදිසි මෙහෙයුම අරඹා ඇති බවයි වාර්තා වුණේ.

කොස්ගම,රුවන්වැල්ල, දෙහිඕවිට, ගලපිටමඩ සහ අවිස්සාවේල්ල යන පොලිස් ස්ථානවල නිලධාරීන්, විශේෂ කාර්ය බලකා පූගොඩ කඳවුරේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් විශේෂ සෝදිසි මෙහෙයුම සිදුකරනු ලබනවා.

මෙහිදී හයිලෙවල් මාර්ගයේ ගමන් කරන රථ වාහන මෙන්ම පුද්ගලයන්ද දැඩි පරීකෂාවට ලක් කරන බවයි දසත නිවුස් ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

අද (06) අලුයම් කාලයේ කොස්ගම, බොරළුගොඩ ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් කුලී ත්‍රිරෝද රථයක් ගමන් කරමින් සිටි තිදෙනෙක් තුවාල ලැබුවා.

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙක් ත්‍රිරෝද රථ හරස්කර නවත්වා මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?