තෙල් වෘත්තීය සමිති සභාපතිගේ ඥාතීයෙක් කෑන්වලින් ඉන්ධන පන්නලා මාට්ටු

නීත්‍යානුකූල නොවන ආකාරයට කොළොන්නාව ඛනිජතෙල් පර්යන්ත සමාගමේ වෘත්තීය සමිතියක සභාපතිවරයකුගේ දියණියක් ඇතුළු කිහිපදෙනකු කෑන් සහ බූලි වලින් ඉන්ධන රැගෙන යමින් සිටියදී එහි ආරක්‍ෂක අංශවලට හසුවී ඇත.පර්යන්ත සමාගමේ සේවකයන්ට දින තුනකට වරක් වාහනවලට ඉන්ධන ලබාදෙන අතර, කෑන් සහ බූලි වලට ඉන්ධන රැගෙන යෑම තහනම් කර තිබේ. එහෙත් ඇතැම් සේවකයන් නීත්‍යානුකූල නොවන ආකාරයට බූලි වලට සහ කෑන්වලට ඉන්ධන රැගෙන සිය වාහනවල සඟවා පිටතට ගෙනයන බවට එහි සභාපතිවරයාට සහ කළමනාකාර අධ්‍යක්‍ෂවරයාට දැන ගැනීමට ලැබී ඇත.

එවැනි ක්‍රියා නවත්වන ලෙසට ඔවුන්ගෙන් ලැබුණු උපදෙස් මත එහි ආරක්‍ෂක අංශ විසින් වාහන පරීක්‍ෂා කිරීමේදී වාහන තුළ සඟවා තිබූ ඉන්ධන බූලි සහ කෑන් ආරක්‍ෂක අංශ භාරයට ගෙන ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?