අධිබලැති විදුලි කණුවකට නැග පියෙකු උපවාසයක් අරඹයි

කුඩාවැව ප්‍රදේශයේ පියෙකු අධිබලැති විදුලි කණුවක් මත නැගී උපවාසයක් ආරම්භ කර තිබෙනවා.

මෙලෙස ඔහු උපවාසයේ නිරත වන්නේ තම අතුරුදහන් වූ 15 හැවිරිදි දියණිය සොයාදෙන ලෙස පොලිසියට බල කරමිනි.

ගලේවෙල – කුඩාවැව ප්‍රදේශයේ පුද්ගලයෙකු වන මොහු ඊයේ දහවල් කාලයේ සිට අඩි 150 ක උසින් යුත් අධිබලැති විදුලි කණුවට නැග උපවාසයක නිරතවනවා.ගල්කිරියාගම පොලිසිය ඊයේ පස්වරුවේ පැමිණ පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බවට දැනුම් දුන්නද දියණිය සොයාදෙන තුරු උපවාසය අත් නොහරින බවයි ඔහු පොලිසියට ප්‍රකාශ කර තිබෙන්නේ.