ජපානයේ රැකියා අවස්ථා හිමිවන අලුත්ම පිරිස

 විශේෂ නිපුණතා සහිත රැකියා වැඩසටහන යටතේ කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයේ රැකියා සඳහා යොමු කිරීමට අවස්ථාව ලැබී තිබෙන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.විශේෂ නිපුණතා සහිත රැකියා වැඩසටහන යටතේ ජපානය මෙතෙක් ශ්‍රී ලංකාව වෙත ලබා දුන් සාත්තු සේවා හා ආහාර පාන සේවා ක්ෂේත්‍රයේ රැකියාවලට අමතරව කෘෂිකර්ම ක්ෂේත්‍රයේ රැකියා අවස්ථාවන් ලබාදීමට ජපන් රජයේ එකඟත්වය පළ කර තිබේ.

අවුරුදු 17ට වැඩි සුදුසුකම් ලත් අයට මේ සඳහා අයදුම් කළ හැකි බව කාර්යාංශය සඳහන් කරයි.

කුසලතා පරීක්ෂණයට අදාළ විභාග 2022 ජූලි මස 29 හා 31, අගෝස්තු 2, 3, 5, 7-10, 19, 21, 23-26 හා 28, සැප්තැම්බර් 1, 2, 4, 6, 7, 9 හා 11, ඔක්තෝම්බර් 11-13,16,18-20 හා 23 සහ නොවැම්බර් මස 8-10, 13, 15 හා 16 යන දිනවලදී පරිගණක ආශ්‍රයෙන් පැවැත්වේ.පරිගණක ආශ්‍රයෙන් මෙම විභාගය පැවැත්වෙන්නේ කොළඹ පහ ලෙස්ටර් ජේම්ස් පීරිස් මාවත මාවතේ පිහිටි Australia college of business and technology ආයතනයේදීය.

එක් මසකට උපරිම අයදුම්කරුවන් 150ට විභාගයට පෙනී සිටිය හැකි අතර විභාග ගාස්තු ජපන් යෙන් 3,500ක් හෙවත් ශ්‍රී ලංකා රුපියල් 6300.00ක් පමණ වේ.එම විභාගයට ප්‍රවේශ වීම සඳහා අවශ්‍ය තොරතුරු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ www.slbfe.lk වෙබ් අඩවියේ ජපන් රැකියා ද්වාරය (SSW Japan) වෙත පිවිසීමෙන් ලබාගත හැකිය.

එම විභාගයට ප්‍රවේශ වීම සඳහා අවශ්‍ය තොරතුරු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ www.slbfe.lk වෙබ් අඩවියේ ජපන් රැකියා ද්වාරය (SSW Japan) වෙත පිවිසීමෙන් ලබාගත හැකිය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
21
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?