වඳුරු උණ ගැන අනතුරු ඇඟවීමක්

වඳුරු උණ රෝගයේ “Monkeypox” ව්‍යාප්තිය ඉහළයාමත් සමඟ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ගෝලීය සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනයකර ඇත්තේ රටවල් 75කින් මේ වනවිට රෝගීන් 16,000කට වැඩි සංඛ්‍යාවක් වාර්තාවී ඇති බවයි.

අමෙරිකානු රෝග වැළැක්වීමේ මධ්‍යස්ථානය පෙන්වා දෙන්නේ වයස අවුරුදු 8ට අඩු දරුවන්ට වඳුරු උණ රෝගය වැළඳීමේ ඉහළ අවදානමක් ඇති බවයි.අලුත උපන් බිලිඳෙකු ද ඇතුලු දරුවන් දෙදෙනෙකු ද වඳුරු උණ ආසාදනය වී ඇතැයි එම මධ්‍යස්ථානය අද තහවුරු කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. වඳුරු උණ රෝගය නිසා මේ දක්වා අප්‍රිකානු කලාපයෙන් මරණ 05ක් වාර්තා වී ඇති අතර වෙනත් රටවලින් මරණ වාර්තා වී නොමැත.මෙම රෝගයේ මරණ සිදුවීමේ සම්භාවිතාව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ගණනය කිරීම්වලට අනුව සියයට 3ත් 6ත් අතර අගයක් ගන්නා බව සඳහන්ය.

වෛරසය ලොව පුරා අඛණ්ඩව ව්‍යාප්ත වීමේ අවදානම සලකා මන්කිපොක්ස් හෙවත් වඳුරු උණ වෛරස රෝගය පැතිරීම ලොවපුරා හදිසි සෞඛ්‍ය තත්ත්වයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශයට පත්කර තිබේ. 

මේ සම්බන්දව අදහස් දැක් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ, මහාචාර්ය චන්දිම ජීවන්දර මහතා පැහැදිලි කිරීමක් සිදු කළේය.

“මේක ප්‍රධාන ලෙස පැතිරෙන්නේ අපේ ස්වසන මාර්ගය හරහා.. නැත්නම් හම මතින්. මේක හැදෙන්න පුළුවන් සත්තුන්ගෙන්. ඒ වගේම මිනිස්සුන්ගෙන්. ඒ වගේම එ්වා ගෑවුණු ඇඳ ඇතිරිලිවලින්, කෑම, කෝප්ප, පිගන්වලින්.”

“මේ රෝග විනිශ්චය කරන්න පුළුවන් PCR පරීක්ෂණයක් මගින්. රෝගය පිළිබඳව පර්යේෂණය කිරීමට අවශ්‍ය සියලුම පර්යේෂණ කට්ටල මේ වනවිට අප විද්‍යාගාර සතුව තියෙනවා. ඒකට අවශ්‍ය බෙහෙත් වර්ගත් නිෂ්පාදනය වෙලා තියෙනවා.”  

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?