ශ්‍රී ලංකාවේ දිගුකාලීන විදේශ මුදල් ණය පැහැර හැරීමේ ශ්‍රේණිගත කිරීම ‘CCC+’ සිට ‘B-‘ දක්වා ඉහළ නංවා ඇති බව ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ෆිච් ආයතනය සඳහන් කරනවා.
එහි ඉදිරි දැක්ම ‘ස්ථාවර’ මට්ටමේ පවත්වාගෙන යාමට ද එම ආයතනය තීරණය කර ඇති බව සඳහන්.
මේ අතර ශ්‍රී ලංකාවේ තවදුරටත් ඉහළ මට්ටමක පවතින ණය සහ ණය සේවා අනුපාතික මෙන්ම, විදේශ විනිමය සංචිත තවමත් මධ්‍යස්ථ මට්ටමක පැවතීම යන සාධක රටේ ණය පැතිකඩට තවදුරටත් බාධාවක් වී ඇති බව ෆිච් ආයතනය අනතුරු අඟවනවා.













