AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී ලංකා අර්බුදයට මුවාවී රට දෙකඩ කිරීමේ මෙහෙයුමක නිරත වන බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරු

51 වැනි ජිනීවා මානව හිමිකම් සමුළුව සැප්තැම්බර් 13දා ආරම්භ වේ. ඔක්තෝබර් 7දා දක්වා පැවැත්වේ. මෙම සමුළුව වෙත බ්‍රිතාන්‍යය, ඇමරිකාව ප්‍රමුඛ රටවල් පහක් ශ්‍රී ලංකාවට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල වන නවතම ජිනීවා යෝජනාවක් ගෙන ඒමට තීරණය කර තිබේ. මේ පසුබිම මැද බ්‍රිතාන්‍යයේ එස් ඒ එස් බළකාය ඇෆ්ගනිස්ථානයේදී සිවිල් වැසියන් ඝාතනය කළ බවට තොරතුරු දැන් හෙළිවී ඇත.

සිවිල් වැසියන් 54 ක් ඝාතනය කිරීමේ සිද්ධීන් වල රහස් තොරතුරු බී බී සී සේවයේ පැනෝරාමා වැඩසටහනින් අනාවරණය වී තිබේ. එස් ඒ එස් බළකායේ හිටපු ප්‍රධානි ජනරාල් මාක් ස්ටීවන් ඊට අදාළ තොරතුරු හෙළි කළත් එම සාක්කි හමුදා පොලිසියට ලබාදී නැත. පසුගිය මස ඔහු ධුරයෙන් ඉල්ලා අස්විය. සිවිල් වැසියන් ඝාතනය කර ඇත්තේ රාත්‍රී මෙහෙයුම් වලදීය.

අනාවරණය වී ඇති තොරතුරුවලට අනුව එස් ඒ එස් බළකාය සියගණනක් සිවිල් වැසියන් මරාදමා තිබේ. බී බී සී වාර්තාකරු රිචඩ් බිල්ටන් ඊට අදාළ තොරතුරු හෙළිකර තිබේ.

එම ඝාතන සිදුවී ඇති වකවානු මෙසේය.

2010 නොවැම්බර් 29
2011 ජනවාරි 15
2011 පෙබරවාරි 7
2011 අප්‍රේල් 1

2014 වසරේදී බ්‍රිතාන්‍ය හමුදා පොලිසිය සිදුකළ විමර්ශනයේදී බ්‍රිතාන්‍ය එස් ඒ එස් බළකාය අපරාධකාරි ක්‍රියා 600 කට බාධා සිදුකර ඇත.

බ්‍රිතාන්‍ය හමුදා පොලිසිය පැවසුවේ බ්‍රිතාන්‍ය හමුදාව සාක්කි ලබාගැනීමට බාධාකළ බවයි. ඔපරේෂන් නෝත්මූර් නමැති එම සාක්කි ලබාගැනීමේ මෙහෙයුම් 2019 දී අත්හිටුවා ඇති අතර එරට ආරක්‍ෂක අමාත්‍යාංශය පැවසුවේ අපරාධ සිදුවීම් ගැන වාර්තා නොවූ බවයි. ඇෆ්ගනිස්ථානයේ හෙල්මන්ඩ් ප්‍රාන්තයේ නාද් අලි නමැති ගම්මානයට ගිය බී බී සී විමර්ශන කණ්ඩායම වෙඩි ප්‍රහාර එල්ල වී තිබූ නිවාසවල බිත්ති ඡායාරූප ගතකර ගිනි අවි ප්‍රහාර විමර්ශකයන්ට ඉදිරිපත් කර තිබේ. එහිදී හෙළි වූයේ එකදිගටම වෙඩි ප්‍රහාර එල්ල වී ඇති බවය. එහෙත් බ්‍රිතාන්‍ය රජය, එරට ආරක්‍ෂක අමාත්‍යාංශය සහ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව සිවිල් වැසියන් ඝාතන සිද්ධීන් වසන් කරනු ලැබීය. කොන්සර්වටිව් හෝ ලේබර් පක්‍ෂයේ නායකයන් ඔපරේෂන් නොත්මූර් මෙහෙයුම නතර කළේ මන්දැයි විමසා නැත. මෙම ඝාතන යුද අපරාධ බවද පවසන බී බී සී සේවාව එස් ඒ එස් ඝාතන කණ්ඩායමක් ගැන තොරතුරු හෙළිවූ බවද කියා සිටියි.

එහෙත් ජිනීවා මානව හිමිකම් කොමසාරිස්වරුන් වූ නවිපිල්ලේ – සෙයිද් රාද් හුසේන් සහ මිචෙලි බැෂලේ එස් ඒ එස් ඝාතන කණ්ඩායමේ ඝාතන වසන් කර තිබේ. එසේම ඉහළ නිලධාරීන් අතර හුවමාරුවූ විiුත් ලිපිවලින්ද තහවුරු වූයේ එවැනි ඝාතන සිදුවී ඇති බවයි. බී බී සී විමර්ශනයේදී තවදුරටත් හෙළිවූයේ රැඳවුම්භාරයේ සිටි අයවලුන් සහ නිරායුධ මිනිසුන් පවා එස් ඒ එස් බළකායා විසින් ඝාතනය කර ඇති බවයි. පසුගිය ජූලි 9 දා බී බී සී ආයතනය තවදුරටත් පැවසුවේ එස් ඒ එස් ඝාතන කණ්ඩායම හෙළිවී ඇති බවයි. එහෙත් බ්‍රිතාන්‍ය බලධාරීන් එල්ලවී ඇති යුද අපරාධ චෝදනා පිළිගෙන නැත. එසේ වුවත් බී බී සී පැනෝරාමා වැඩසටහන තවදුරටත් දක්වා ඇත්තේ බ්‍රිතාන්‍ය හමුදාව විමර්ශනවලට ඉඩදී නැති බවයි. මෙලෙස බ්‍රිතාන්‍ය එස් ඒ එස් බළකායට යුද අපරාධ චෝදනා එල්ල වී ඇති අවස්ථාවේ ශ්‍රී ලංකාව සම්බන්ධව එරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රැසක් ප්‍රශ්න මතු කර ඇත. මේ අතර ටැමිල් සොලිඩරටි නමැති බ්‍රිතාන්‍ය සංවිධානය අරගලයට මුවාවී තම බෙදුම්වාදී ඉල්ලීම් ලබාගැනීමේ මෙහෙයුමක යෙදී තිබේ.

ජාතික කොඩිය අහෝසි කළ යුතු බවත් කොටි කොඩියට ඉඩදිය යුතු අතර උතුරු නැගෙනහිර හමුදාවේ කටයුතු නතර කරන ලෙසද ඔවුන් ඉල්ලා ඇත. මෙයට සමගාමීව මුලතිව් අධිකරණය විසින් මුලතිව්හි බෞද්ධ විහාරය ඉවත්කරන නියෝගයක් ද ප්‍රකාශයට පත්කර තිබේ. රට තුළ අරාජික තත්ත්වයක් මතුවී තිබියදී උතුරේ අධිකරණ පවා මෙවැනි නියෝග නිකුත් කිරීම බෙදුම්වාදී ඉල්ලීම් ඉටුකිරීමට සහයවීමක් නොවේද?

එහෙත් දකුණේ ජනතාව මේ සිදුවීම් නොදනී. එනම් ශ්‍රී ලංකාව සම්බන්ධව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව තුළ විවාදයක් ඇතිවීමයි. එහිදී ගැරත් තෝමස්, එඩ්. ඩේවි, බැරි ගාඩ්නර්, ස්වටීවන් ටිම්ස්, සියොබ්දාන් මැක්ඩොනා ඇතුළු මන්ත්‍රීවරු රැසක් ශ්‍රී ලංකාව පිළිබඳව ගතයුතු පියවර ගැන එරට අධිකරණයෙන් ඉල්ලීමක් කර ඇත.

ලිබරල් ඩිමෝක්‍රටික් පක්‍ෂයේ නායක එඩ්. ඩේවි ප්‍රකාශයක් කරමින් හිටපු ජනපති ගෝඨාභය රාජපක්‍ෂ අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර වරෙන්තුවක් ප්‍රකාශයට පත්කරන ලෙස ඉල්ලා ඇතත් ඊට ප්‍රතිචාර දැක්වීමට අධිකරණ ඇමතිනි ඇමන්ඩා මිලින්ස් කටයුතු කර නැත. ස්ටෙලා ක්‍රෙසි මන්ත්‍රීවරිය පැවසුවේ ශ්‍රී ලංකා රජය ද්‍රවිඩයන් 100,000 ක් මරාදමා ඇති බවයි.

එසේම බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරු කර ඇති ඉල්ලීම් මෙසේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරනු
ස්වයං පාලනය ලබාදෙනු
ද්‍රවිඩයන්ට කල්ස්ටර් බෝම්බ දමා ඇත
ද්‍රවිඩයන්ට වෙඩි තැබීම නතර කරනු
මාලදිවයිනට පලාගිය ගෝඨාභය ආපසු ශ්‍රී ලංකාවට යවනු
ගෝඨාභයගේ සඟයන් අත්අඩංගුවට ගනු
වගවීමේ ක්‍රියාවලිය ක්‍රියාත්මක කරනු (ඇලින්ස්ටික් සහ කැතරින් වෙස්ට්)
මානව හිමිකම් උල්ලංඝණය කළ පිරිසට එරෙහිව ක්‍රියාකරනු
ගෝඨාභයට පැනයෑමට ඉඩ නොතබනු
ජාත්‍යන්තර අධිකරණයට අත්සන් තබනු
ශ්‍රී ලංකා පොලිසියේ ක්‍රියාකලාපය විමර්ශනය කරනු
ආරක්‍ෂක වැය කපාහරිනු
ශ්‍රී ලංකා අර්බුදයට මුවාවී බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරු රට දෙකඩ කිරීමේ මෙහෙයුමක
මෙලෙස ඉල්ලීම්කර ඇති බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරු සියලුදෙනා කොටි ඩයස්පෝරාවට සම්බන්ධ වූවන් වේ. ශ්‍රී ලංකාවේ අර්බුදය මැද මෙලෙස දේශපාලන වාසි ලබාගැනීමට ක්‍රියාකරන මන්ත්‍රී කණ්ඩායම නියෝජනය කරන ආයතනවල වැඩිදෙනා ශ්‍රී ලාංකික ද්‍රවිඩයන් වේ. එසේම ශ්‍රී ලංකාවට එරෙහිව බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරු යුද අපරාධ චෝදනා එල්ල කර ඇත්තේ බී බී සී සේවාව බ්‍රිතාන්‍ය එස් ඒ එස් බළකාය ඇෆ්ගනිස්තානය තුළ යුද අපරාධ සිදුකර ඇති බවට තහවුරු කර තිබියදීය. බ්‍රිතාන්‍ය තුළ ඉන්ධන මිල ඉහළ යෑම සහ අගමැති බොරිස් ජොන්සන් ඉල්ලා අස්වීම ඇතුළු බරපතළ ප්‍රශ්න රැසක් මතුවී තිබියදී ශ්‍රී ලංකාවේ අර්බුදකාරී තත්ත්වය ප්‍රයෝජනයට ගෙන රට දෙකඩ කිරීමට උත්සාහ කරන බ්‍රිතාන්‍ය මන්ත්‍රී කණ්ඩායම බ්‍රිතාන්‍ය හමුදාවට එල්ලවී ඇති යුද අපරාධ චෝදනා ගැන වචනයක්වත් පවසා නැත.

ශ්‍රී ලංකාව පිළිබඳව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව තුළ මෙලෙස කලබැගෑනියක් ඇතිවන අවස්ථාවේ ස්ටෙලි ක්‍රිසි මන්ත්‍රීවරිය පැවසුවේ වසර 26ක් තුළ ශ්‍රී ලංකාවේ ද්‍රවිඩ සමූල ඝාතනයක් සිදුවී ඇති බවත් ජිනීවා මානව හිමිකම් කවුන්සිලය ඒ ගැන වාර්තාවක් ප්‍රකාශයට පත්කිරීමට නියමිත බවත්ය. එසේම සෑම් ටැරි මන්ත්‍රීවරයා ශ්‍රී ලංකාව තුළ ද්‍රවිඩයන්ට වෙනම රටක් තිබිය යුතු බව පවසා ඇත. එසේ වුවත් ඇතැම් ඉල්ලීම් කෙරේ ප්‍රතිචාර දැක්වීමට බ්‍රිතාන්‍ය අධිකරණ ඇමැති ඇමන්ඩා මිලින්ස් ප්‍රතික්‍ෂේප කර ඇත. මේ පසුබිම මැද බ්‍රිතාන්‍ය කොටි ඩයස්පෝරාව පැවසුවේ ඊළම ප්‍රකාශ කිරීමට වෙලාව පැමිණ ඇති බවයි.

පසුගිය වසර 13 තුළදී කිසිදු සටන්කාමී සංවිධානයක් ශ්‍රී ලංකා රජයට එරෙහිව ක්‍රියාකර නැති බවද එම සංවිධානය තවදුරටත් දක්වා ඇත.

මේ තත්ත්වය තුළින් සනාථවන්නේ ශ්‍රී ලංකාවේ අමන දේශපාලකයන් රට අරාජික තත්ත්වයකට පත්කිරීම තුළින් සතුරන් වාසි ලබාගන්නා බවයි. කොටි ඩයස්පෝරාව තවදුරටත් දක්වා ඇත්තේ මෙරට අර්බුදය නිසා ඊළම තවදුරටත් ශක්තිමත් වී ඇති බවය.

මෙහිදී ලන්ඩන් කොටි ඩයස්පෝරාව මෙලෙස දක්වා ඇත්තේ මන්ද?

ඒ කිසිම සටන්කාමී සංවිධානයක් වසර 13 තුළ රජයට එරෙහිව සටන්වැදී නැතිබව පැවසීමෙනි. එහි අර්ථය නම් ශ්‍රී ලංකාව අරාජිකවී ඇති අවස්ථාව පැමිණ තිබේ. වෙනම රටක් බිහිකිරීම සඳහා සටන්කරනු යන්නයි. හිටපු ජනපති සහ හිටපු අගමැති 12,000ක් කොටින්ට සමාව දුන්නේය. ඔවුන් මැනවින් පුහුණුව ලැබූවන්ය. හමුනොවූ අවි ආයුධ විශල සංඛ්‍යාවක් උතුරේ ඇත. බස්නාහිර පළාතේ අර්බුදකාරී තත්ත්වයක් පවතින අවස්ථාවේ උතුරේ දැඩි නිහඩතාවයකි. එය එතරම් යහපත් ප්‍රවණතාවයක් නොවේ. 12,000ක් කොටි බලාසිටින්නේ අවස්ථාව එනතුරුය. ඒ සඳහා හොඳම කාලසීමාව කොළඹ කලබලකාරී තත්ත්වයක් තිබීමයි. ඊට වගකිව යුත්තෝ හිටපු ජනපති ඇතුළු පාලකයන්ය. රටේ ජනතාවගේ වේදනාව ඔවුන්ට දැනුනේ නැත.

අද බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව තුළ ඇතිවී තිබෙන්නේ කොටි ඩයස්පෝරාවේ උසිගැන්වීමයි. ඊට ශ්‍රී ලංකාව ගොදුරුවිය යුතුද?

ශ්‍රී ලංකා අර්බුදයට මුවාවී බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරු රට දෙකඩ කිරීමේ මෙහෙයුමක
බ්‍රිතාන්‍ය හිටපු අගමැති ටෝනි බ්ලේයාර් සහ බ්‍රිතාන්‍ය හමුදාවට යුද අපරාධ චෝදනා එල්ල වූවත් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව එම සිදුවීම් වසන් කර ඇත. මෙවන් පසුබිමක් මැද බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු තුළ කොටි ඩයස්පෝරාව ක්‍රියාත්මක වන බව සනාථ වී ඇත. එසේම ඊළම් පොලිසිය කළුකොටි ත්‍රස්තයන් සහ වෙනත් කොටි අපරාධකරුවන් රැසක් බ්‍රිතාන්‍ය තුළ වාසය කරති. ඊට හොදම නිදසුන මඩකලපුව හිටපු මන්ත්‍රී සෑම් තම්බිමුත්තු ඝාතනයේ ප්‍රධාන සැකකරු බ්‍රිතාන්‍ය තුළ වාසය කිරීමයි. තම්බිමුත්තුගේ පුත්‍රයා වූ අරුන්ට මොහුව දැකගැනීමට ඉඩලැබුණි. ඔහු මේ සිද්ධිය හෙළිකළත් බ්‍රිතාන්‍ය රජය එම අපරාධකරු අත්අඩංගුවට ගත්තේ නැත. මේ හැර කොටි තරුණියන්ගේ ගෙලේ සයනයිඩ් කරල් පැලඳ වූ ඇඩෙලා බාලසිංහම්ද බ්‍රිතාන්‍යයේ පදිංචිව සිටී. යුද අපරාධ ගැන හඬ නගන බ්‍රිතාන්‍ය දේශපාලකයන් ඇඩෙලා ගැන අද වනතුරු පියවරක් ගැනීමට ක්‍රියාකර නොමැත.

උපුටා ගැනීම – දිවයින පුවත්පත

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?