රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක්

කළමනාකරණ සේවා නිලධාරී සේවයේ නිලධාරීන් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වෙත තාවකාලිකව අනුයුක්ත කිරීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.ආගමන විගමන දෙපාර්තමේන්තුවේ කොළඹ කාර්යාලයට පැමිණෙන දෛනික සේවාලාභීන්ගේ ප්‍රමාණය ඉහළ යාම හේතුවෙන්, අදාළ කළමනාකරණ සේවා නිලධාරී සේවයේ නිලධාරීන් තාවකාලික පදනම මත මාස තුනක කාලයක් සඳහා ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වෙත අනුයුක්ත කරන ලෙස ආගමන හා විගමන පාලක ජනරාල්වරයා විසින් ඉල්ලීමක් අනුව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය අදාළ තීරණය ගෙන තිබෙනවා.

මේ අනුව බත්තරමුල්ල ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයට කිලෝමීටර් 10ක් දුරින් පදිංචි කළමනාකරණ සේවා නිලධාරී සේවයේ නිලධාරින් මාස තුනක කාලයක් සඳහා ආගමන විගමන දෙපාර්තමේන්තුවට අනුයුක්ත කිරීමටයි තීරණය කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?