එනවා.. කිව්වට, 10දාට පෙර එක තෙල් නැවක්වත් ගෙන්වා ගන්න බැහැ

එක ඉන්ධන නෞකාවක්වත් මෙම මස 10 වැනිදාට පෙර මෙරටට ගෙන්වාගත නොහැකි යැයි ලංකා බනිජ තෙල් සංස්ථාව පවසනවා.

තෙල් නෞකාවලට ගෙවීමට සංස්ථාව සතුව ඩොලර් නොමැති බවත්, සංස්ථා සේවකයන්ට මාසික වැටුප්, අතිකාල හා දිරිදීමනා ඇතුළු අනෙකුත් ගෙවීම් සඳහා රුපියල් සතද නැති බවත් තෙල් සංස්ථා ගිණුම් අංශ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.ඉකුත් මාස කිහිපයේම රාජ්‍ය බැංකුවකින් මුදල් අයිරා ලබාගෙන සේවක වැටුප් ගෙවූ බව ද ඔහු පැවසුවා.