සමගි ජන බලවේගය විසින් සංවිධානය කල විරෝධතාවයක් විසුරුවා හැරීම සඳහා පොලීසිය විසින් කදුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කර තිබේ.
අලුත්කඩේ සිට චැතම් වීදිය දක්වා පැමිණ තිබූ මෙම විරෝධතාවය පොලිස් මාර්ග බාධක බිඳ දමමින් ඉදිරියට ගමන් කිරීමට උත්සාහ කිරීමත් සමග ඇතිවූ උනුසුම් තත්වය පාලනය කිරීම සඳහා පොලීසිය කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර ඇත.













