ගෑස් සිලින්ඩර් 230ක් ජිල්මාට් දැමූ රියැදුරුට ලැබුණු දඩය

ගෘහස්ථ ගෑස් සිලින්ඩර් තොගයක් නිවසේ රැස් කරගෙන සිටි සැකකරුවකු නුවරඑළිය පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් විසින් ඊයේ (19 දා) හැටන් මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ සැකකරු අධිකරණය හමුවේ වරද පිළිගත් නිසා ඔහුට රුපියල් දසදහසක දඩයක් ගෙවන ලෙස හැටන් මහෙස්ත්‍රාත් ෆරුක්ඩීන් මහතා නියෝග කළේය.

දඩයට අමතරව පාරිභෝගික සේවා අධිකාරිය භාරයට ගැණුනු කිලෝ 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩර් 177 ක්, කිලෝ 2.4 ගෑස් සිලින්ඩර් 25ක්, කිලෝ 5 ගෑස් සිලින්ඩර් 28ක්, ගිනිගත්හේන පොලිස් ස්ථානයේ දී රජයේ අනුමත මිලට පාරිභෝගිකයන්ට අලෙවි කර එම මුදල් හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ තැන්පත් කරන ලෙසත් හිස් ගෑස් සිලින්ඩර් චූදිතට භාරදෙන ලෙසත් මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.

මෙසේ දඬුවම් ලැබූවේ ගිනිගත්හේන අඹගමුව උඩුබුලත්ගම ශාන්ත ජනපදයේ පදිංචි සිසිර සේනාරත්න නමැති 50 හැවිරිදි අයකුටය.

චූදිත නාවලපිටිය ලිට්‍රෝ ගෑස් සමාගමේ අලෙවි නියෝජිතයාගේ රියැදුරුය. ඔහු සමාගම විසින් එම අලෙවි නියෝජිතයාට

පාරිභෝගිකයන්ට අලෙවි කිරීමට අවස්ථා කිහිපයකදී ලබාදෙන ලද ගෑස් තොග පාරිභෝගිකයන්ට වැඩි මිලට අලෙවි කිරීමට නියෝජිතයාගේ අනුදැනුම මත තමා පදිංචි නිවසේ සඟවා ඇති බවට ගිනිගත්හේන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක විරාජ් විතානගේ මහතාට ලද තොරතුරක් මත පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් හා එක්ව වැටලීම සිදු කර ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?