දෙහිවල ප්‍රදේශයේ නිවසකට බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ සිද්ධියේ, ප්‍රහාරය සදහා පැමිණි ත්‍රිරෝද රථයේ රියදුරු සහ බෝම්බය නිවසට විසිකළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
දෙහිවල – සිරිසඟබෝ පාර ප්‍රදේශයේ නිවසකට පසුගිය 11 වනදා අලුයම එල්ල වූ එම අත්බෝම්බ ප්‍රහාරයෙන් ළමුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඔවුන්ගේ පියා බරපතළ තුවාල ලැබුවා.













