ගෑස් සිලින්ඩර් 230ක් ජිල්මාට් දැමූ රියැදුරුට ලැබුණු දඩය

ගෘහස්ථ ගෑස් සිලින්ඩර් තොගයක් නිවසේ රැස් කරගෙන සිටි සැකකරුවකු නුවරඑළිය පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් විසින් ඊයේ (19 දා) හැටන් මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ සැකකරු අධිකරණය හමුවේ වරද පිළිගත් නිසා ඔහුට රුපියල් දසදහසක දඩයක් ගෙවන ලෙස හැටන් මහෙස්ත්‍රාත් ෆරුක්ඩීන් මහතා නියෝග කළේය.

දඩයට අමතරව පාරිභෝගික සේවා අධිකාරිය භාරයට ගැණුනු කිලෝ 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩර් 177 ක්, කිලෝ 2.4 ගෑස් සිලින්ඩර් 25ක්, කිලෝ 5 ගෑස් සිලින්ඩර් 28ක්, ගිනිගත්හේන පොලිස් ස්ථානයේ දී රජයේ අනුමත මිලට පාරිභෝගිකයන්ට අලෙවි කර එම මුදල් හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ තැන්පත් කරන ලෙසත් හිස් ගෑස් සිලින්ඩර් චූදිතට භාරදෙන ලෙසත් මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.

මෙසේ දඬුවම් ලැබූවේ ගිනිගත්හේන අඹගමුව උඩුබුලත්ගම ශාන්ත ජනපදයේ පදිංචි සිසිර සේනාරත්න නමැති 50 හැවිරිදි අයකුටය.

චූදිත නාවලපිටිය ලිට්‍රෝ ගෑස් සමාගමේ අලෙවි නියෝජිතයාගේ රියැදුරුය. ඔහු සමාගම විසින් එම අලෙවි නියෝජිතයාට

පාරිභෝගිකයන්ට අලෙවි කිරීමට අවස්ථා කිහිපයකදී ලබාදෙන ලද ගෑස් තොග පාරිභෝගිකයන්ට වැඩි මිලට අලෙවි කිරීමට නියෝජිතයාගේ අනුදැනුම මත තමා පදිංචි නිවසේ සඟවා ඇති බවට ගිනිගත්හේන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක විරාජ් විතානගේ මහතාට ලද තොරතුරක් මත පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් හා එක්ව වැටලීම සිදු කර ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇසළ පුන් පොහොය නිමිත්තෙන් රුවන්වැලි මහා සෑයේ, දරුවන් වෙනුවෙන් කළ මහා පිංකම
01:36
Video thumbnail
මාතර වෙළෙඳසැලක හදිසියේම හටගත් මහ ගින්න - පළාතම කළු දුමෙන් වැසී ගිහින්
00:47
Video thumbnail
අධිකරණයට අත නොතබනු
00:58
Video thumbnail
ආණ්ඩුව ජනප්‍රියයි නම් ජනමත විචාරණයකට යන්න
02:36
Video thumbnail
මේ ආණ්ඩුව අපි විශ්වාස කරන්නේ නෑ
01:15
Video thumbnail
විපක්ෂයේ මන්ත්‍රීවරු තමයි අධිකරණයට බලපෑම් කරන්නේ
01:14
Video thumbnail
ලාල් කාන්ත ඉන්න ඕනේ හිරේ
02:21
Video thumbnail
විශ්ව හදිසියේම ලයිව් ඇවිත් කාවඩි ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක් - පාතාලයට බයේද කාවඩි නැවැත්තුවේ ?
03:05
Video thumbnail
අමු සිංහලෙන් ලාල් කාන්තව ඇමතූ ගොවියා - ඕකා ඉන්න ඕනේ හිරේ
02:50
Video thumbnail
උත්තර දෙන්න ඉස්සර ඔයා කාවද නියෝජනය කරන්නේ කියන්න ? - නීතිඥ සංගමයේ සභාපති හොඳටම දෙසයි
10:25