ළමා දින ජාතික සතියක් ප්‍රකාශයට පත්කෙරේ

දරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂාව, අධ්‍යාපනය, සෞඛ්‍යය සහ යහපැවැත්ම පිළිබඳ සමාජ අවධානය තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් ශ්‍රී ලංකාව තුළ සෑම වසරකම ඔක්තෝබර් මස 01 දින ළමා දිනය සැමරීම සිදු කරනු ලබනවා.

වර්තමානයේ දරුවන් මුහුණ දෙන අභියෝග සාම්ප්‍රදායික ළමා ආරක්ෂණ ගැටලු ඉක්මවා යමින් අන්තර්ජාලය හා ඩිජිටල් තාක්ෂණය ආශ්‍රිත අවදානම්, මානසික හා සමාජයීය පීඩන, නොසලකා හැරීම සහ විවිධ සමාජ හා ආර්ථික අවදානම් තත්ත්වයන් දක්වා පුළුල් වී ඇති බව නිරීක්ෂණය වී ඇති බව කබින්ට මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරනවා.

එමෙන්ම, දරුවන්ගේ පමණක් නොව දෙමාපියන්, ගුරුවරුන්, රාජ්‍ය නිලධාරීන්, සේවා සපයන්නන්, පොදු මහජනතාව ඇතුළු දරුවන් සමඟ නිරන්තරයෙන් සම්බන්ධ වන සියලු පාර්ශ්වයන්ගේ, ළමා අයිතිවාසිකම් හා ආරක්ෂාව සම්බන්ධයෙන් වන දැනුම්වත්භාවය වර්ධනය කිරීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ තිබෙන බවද අමාත්‍යවරයා සඳහන් කළා.

එබැවින්, ළමා අයිතිවාසිකම් පිළිබඳ මහජන දැනුම්වත් භාවය ඉහළ නැංවීම, දරුවන් පිළිබඳ සමාජ සංවේදීතාව වර්ධනය කිරීම සහ ළමා ආරක්ෂාව සඳහා ප්‍රජා සහභාගිත්වය වැඩි දියුණු කිරීම අරමුණු කර ගනිමින් ළමා දින ජාතික සැමරුම් වැඩසටහනට සමගාමිව ළමා දින ජාතික සතියක් ප්‍රකාශයට පත් කිරීමට සැලසුම් කර තිබෙනවා.

ඒ අනුව, 2026-09-25 දින සිට 2026-10-01 දින දක්වා වන කාලය ‘ළමා දින ජාතික සතිය – 2026’ ලෙස ප්‍රකාශයට පත් කරමින් විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම පිණිස කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්චුනා රටේ ජනතාවට හොඳ උත්තරයක් දුන්නා
10:27
Video thumbnail
22 මහ පාරේ පරද්දන්න අපි ලෑස්තියි
11:28
Video thumbnail
JVP කියන්නේ මේ ව්‍යවස්ථා සෙල්ලම් නිසා සල්ලම් වුණ ව්‍යාපාරයක් - ඔය ඔක්කොම සෙල්ලම් ව්‍යවස්ථා සෙල්ලම්
13:37
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
00:00
Video thumbnail
විශ්වවිද්‍යාල ටික කළු වෙයි - වෘත්තීය ක්‍රියාමාර්ග අපි අත්හිටුවන්නේ නෑ
05:12
Video thumbnail
පුනානි ප්‍රදේශයේ කසල බැහැර කරන ස්ථානය නිසා අලින්ට අත්වී ඇති ඉරණම - ජීවිත දැඩි අවදානමක
00:51
Video thumbnail
නිදන් සොයා කැනීම් කරමින් සිටි දෙදෙනකු උපකරණ එක්ක කුදලන් එයි
00:50
Video thumbnail
නුවරඑළියේ පෝනින් නිසා අනතුරු රැල්ලක් - CCTV කැමරාවේ සටහන් වූ අයුරු
00:41
Video thumbnail
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු රැසක් චමල් හෙළිකරයි - භාණ්ඩාගරයේ සල්ලි තිබුණට වෛද්‍ය සැපයුම් ඒකකය අසමත්
15:20
Video thumbnail
කොළඹට ඇදහැලුණු මහ වැස්ස - ප්‍රදේශ රැසක් ජලයෙන් යටවෙයි
01:57