වී මිල දී ගැනීම වෙනුවෙන් තවත් මිලියන 2,500ක්

2026 වර්ෂයේ යල කන්නයේ වී මිල දී ගැනීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ වෙන් කරන ලද ප්‍රතිපාදන වලින් රුපියල් මිලියන 6,000 ක් වී අලෙවි මණ්ඩලය වෙත ලබා දී ඇති අතර, එම මුදල යොදා ගනිමින් වී අලෙවි මණ්ඩලය විසින් වී මිල දී ගැනීමේ කටයුතු මේ වන විට සිදු කරමින් පවතිනවා.

එහෙත්, අනුරාධපුර, පොළොන්නරුව, පුත්තලම, මන්නාරම හා මුලතිව් යන දිස්ත්‍රික්කවල සහ මහවැලි B, C හා H කලාපවල වී අස්වනු තවමත් නෙළා අවසන්ව නොමැති බැවින්, එම ප්‍රදේශයන්හි වී මිල දී ගැනීම සඳහා දැනට වෙන් කරනු ලැබ ඇති ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවන බව නිරීක්ෂණය වී ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.

එබැවින්, 2026 යල කන්නයේ වී අස්වනු මිල දී ගැනීමේ කඩිනම් වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිණිස කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය වෙත ලබා දී ඇති රුපියල් මිලියන 7,500 ක අමතර ප්‍රතිපාදන වලින් තවත් රුපියල් මිලියන 2,500ක අරමුදල්, ප්‍රතිපූරණය කිරීමේ පදනම මත වී අලෙවි මණ්ඩලය වෙතලබා දීම පිණිස කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරි මාර්ග අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්චුනා රටේ ජනතාවට හොඳ උත්තරයක් දුන්නා
10:27
Video thumbnail
22 මහ පාරේ පරද්දන්න අපි ලෑස්තියි
11:28
Video thumbnail
JVP කියන්නේ මේ ව්‍යවස්ථා සෙල්ලම් නිසා සල්ලම් වුණ ව්‍යාපාරයක් - ඔය ඔක්කොම සෙල්ලම් ව්‍යවස්ථා සෙල්ලම්
13:37
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
00:00
Video thumbnail
විශ්වවිද්‍යාල ටික කළු වෙයි - වෘත්තීය ක්‍රියාමාර්ග අපි අත්හිටුවන්නේ නෑ
05:12
Video thumbnail
පුනානි ප්‍රදේශයේ කසල බැහැර කරන ස්ථානය නිසා අලින්ට අත්වී ඇති ඉරණම - ජීවිත දැඩි අවදානමක
00:51
Video thumbnail
නිදන් සොයා කැනීම් කරමින් සිටි දෙදෙනකු උපකරණ එක්ක කුදලන් එයි
00:50
Video thumbnail
නුවරඑළියේ පෝනින් නිසා අනතුරු රැල්ලක් - CCTV කැමරාවේ සටහන් වූ අයුරු
00:41
Video thumbnail
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු රැසක් චමල් හෙළිකරයි - භාණ්ඩාගරයේ සල්ලි තිබුණට වෛද්‍ය සැපයුම් ඒකකය අසමත්
15:20
Video thumbnail
කොළඹට ඇදහැලුණු මහ වැස්ස - ප්‍රදේශ රැසක් ජලයෙන් යටවෙයි
01:57