ප්‍රකාශයක් ලබාදීමට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) වෙත පැමිණි හිටපු ගුවන් හමුදාපති එයාර් චීෆ් මාෂල් ඩොනල්ඩ් පෙරේරා ඉන් පිටව ගොස් තිබෙනවා.
ඒ, මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පැය 06ක පමණ කාලයක් ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුවයි.
ආන්දෝලනාත්මක මිග් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ලබාගැනීමට හිටපු ගුවන් හමුදාපතිවරයා අද (15) පෙරවරුවේ එහි කැඳවා තිබුණා.













