හෙල්ල විසි කිරීමේ ශූර රුමේෂ් තරංගගේ හානි වූ හෙල්ල 05 වෙනුවෙන් නව හෙල්ලයන් ලබාදීමට ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේගේ මැදිහත්වීම මත කටයුතු කරන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළා.
අද (15) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු සපයමින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව පැවසුවා.
මේ අතර රුමේෂ් තරංගගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය මැදිහත්වන බවත් නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.













