ඉන්දියාවෙන් ගෙනා අත්‍යවශ්‍ය භාණ්ඩ ගැන වෙළෙඳ ඇමති ගත් තීරණය

ඉන්දියාවෙන් ශ්‍රී ලංකාව ලැබුණු අමෙරිකානු ඩොලර් බිලියනයක මුදල් හරහා වරායේ මේ වන විට මුදල් ගෙවා ගත නොහැකිව සිරවී තිබෙන භාණ්ඩ නිදහස් කිරීමට කටයුතු කරන බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

අමාත්‍යවරයා පවසන්නේ ඉන්දියාව සමඟ භාණ්ඩ ලබාගැනීම සඳහා පසුව ගෙවීමේ ක්‍රමය යටතේ ණයක් ලබාගෙන ඇති බවයි.

(18) දින‍යේ දී මෙතෙක් වරායේ සිරවී තිබෙන භාණ්ඩ තොග ඉන්දියානු ණය ගිවිසුම ප්‍රකාරව නිදහස් කිරීම ආරම්භ කරන ලෙස ‍වෙළෙඳ අමාත්‍යංශයේ ලේකම්වරියට තමා උපදෙස් ලබාදුන් බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා.

ඒ අනුව ඉන්දියාවෙන් ආනයනය කරනු ලබන අත්‍යවශ්‍ය පරිභෝජන භාණ්ඩ, බෙහෙත්, කර්මාන්ත සඳහා අවශ්‍ය කරන අමුද්‍රව්‍ය යන දේවල් විනිමය දුෂ්කරතාවයකින් තොරව ඉදිරි සති දෙක තුළ ලබාගැනීමට හැකියාව ඇති බවත් අමාත්‍යවරයා පවසා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?