ඉන්ධන ගන්න ආ පිරිස ඉන්ධන හලක් කොල්ල කයි

හිසෙහි ජටා බැඳ තියුණු ආයුධ රැගෙන නාවල ප්‍රදේශයේ ඉන්ධන පිරවුම් හලකට අද 18 අළුයම පැමිණි පුද්ගලයන් පස්දෙනකු පොම්පකරුවන්ට පහර දී මුදල් කොල්ලකා පලාගොස් තිබෙනවා.ඉන්ධන ලබා ලබාගැනීමේ මුවාවෙන් ප්ලාස්ටික් බූලියක් රැගෙන ත්‍රීරෝද රථයකින් පැමිණෙන කොල්ලකරුවන් පස් දෙනා පොම්පකරුවන් අසලට පැමිණ පහරදී තිබෙනවා. පසුව පිටුපස සඟවා ගෙන තිබූ තියුණු ආයුධය අත දරාගෙන බියගන්වා මුදල් කොල්ල කා ඇතැයි පොලීසිය සඳහන් කළා.

කොල්ල කෑ මුදල කොපමණ දැයි මෙතෙක් ගණන් බලා නෑ.කොල්ලය සිදුවන ආකාරය එහි සිසිටිවි කැමරාවක සටහන් වී තිබෙනවා.කොල්ලකරුවන් සම්බන්ධයෙන් වැදගත් හෝඩුවාවන් රැසක් ලැබී ඇතැයි ද ඉතා ඉක්මනින් අත්අඩංගුවට ගැනීමට හැකිවෙතැයි පොලිස් ආරංචි මාර්ග පැවසුවා.

විඩියෝ අනුග්‍රාහය – Newsfirst

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?