කෝවිඩ් දැඩි සත්කාර ඇඳන් 70න් 63ක් පිරෙයි

කෝවිඩ් රෝගීන් සඳහා වෙන් කර ඇති දැඩි සත්කාර සහ අධි සත්කාර ඇඳන් 70න් 63ක් මේ වනවිට සක්‍රීය ලෙස භාවිත කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ, ජනරාල් (අධ්‍යාපන, පුහුණු හා පර්යේෂණ), විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළේය.

එසේම කෝවිඩ් රෝගීන් සඳහා මේ වනවිට වෙන් කර ඇති ඇඳන් ප්‍රමාණවත් නොවුණහොත් කෝවිඩ් රැල්ලක් පැවති පෙර අවස්ථාවේදී අනුගමනය කළ ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සියලු රෝහල් වෙත දන්වා ඇති බවද හෙතෙම පැවසීය.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේදී ඊයේ (26දා) පැවති කෝවිඩ් මාධ්‍ය හමුවට එක්වෙමින් මේ බව පැවසූ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ, මේ වනවටි වාර්තා වන රෝගීන් සඳහා රෝහල් පහසුකම් ප්‍රමාණවත් නොමැති බවට සිදු කෙරෙන ප්‍රකාශ අසත්‍ය වන බවයි.

එසේම මෙරට රෝහල් පද්ධතිය තුළ ප්‍රමාණවත් ඔක්සිජන් ධාරිතාවක් පවතින බවද හේමන්ත හේරත් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සැකකටයුතු පුද්ගලයක් දෙයක් ගැන චකිතයක් තිබ්බොත් අනිවාර්යෙන්ම පොලිසියට කියන්න
02:39
Video thumbnail
මාලිමා මන්ත්‍රී නිසා අමාරුවේ වැටුණු අනුරාධපුර ගොවීන්
10:29
Video thumbnail
උඹලා මේකට ඇවිත් හයර් ටික උස්සපුවම අපි මොනවද ගන්නේ..හයර් නිසා ඇල්ලේ ත්‍රීවීල් සෙට් එක රත්වෙයි
12:31
Video thumbnail
කෙහෙළියට වුණ දේ නලින්දටත් වෙයි
03:16
Video thumbnail
නාමල් ආපදාවලින් අසරණ වූ ළමයින්ට පොත්පත් බෙදා දෙන්න යයි."ආණ්ඩුව තාම සහන දෙන විදිය අධ්‍යයනය කරනවා"
04:13
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56


?