කට වරද්දා ගත් විමල්, දිලිත්, ගම්මන්පිල ඇතුළු හයදෙනා ගැන ඉදිරි පියවර ගැනීමට අභියාචනාධිකරණයෙන් නියෝග

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීමට එරෙහිව පැවති සත්‍යග්‍රහයක් අතරතුර කළ ප්‍රකාශ සහ එම නඩුවට අදාළව එයින් පසු කළ ප්‍රකාශ සම්බන්ධයෙන් විමල් වීරවංශ, උදය ගම්මන්පිල සහ දිලිත් ජයවීර ඇතුළු හය දෙනෙකුට එරෙහි අධිකරණයට අපහාස කිරීමේ පැමිණිල්ල සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීමට අභියාචනාධිකරණය නියෝග කළා.

කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් යොමුකර තිබූ මෙම පැමිණිල්ල ඊයේ (08) වැනිදා අභියාචනාධිකරණ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අතර, එහිදී අවශ්‍ය ඉදිරි පියවර ගන්නා ලෙස අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයාට නියෝග කර තිබෙනවා.

මෙහි චෝදනා එල්ල වී ඇත්තේ විමල් වීරවංශ, උදය ගම්මන්පිල, දිලිත් ජයවීර, සුගීෂ්වර බණ්ඩාර, අසංක නවරත්න සහ මහින්ද පතිරණ යන හයදෙනාටයි.

ජූලි 7 සිට 15 දක්වා කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට පැවති සත්‍යග්‍රහයේදී ඔවුන් කළ බව කියන ඇතැම් ප්‍රකාශ අධිකරණ ක්‍රියාවලිය විවේචනය කරන ස්වභාවයක් ගන්නා බව CID විමර්ශනයෙන් පසු කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබුණා.

මෙම ක්‍රියාවලියට අදාළ වන්නේ 2024 අංක 8 දරණ අධිකරණයකට, විනිශ්චය සභාවකට හෝ ආයතනයකට අපහාස කිරීමේ පනතේ 10 වගන්තියයි.

එම වගන්තිය අනුව, මහේස්ත්‍රාත් අධිකරණයක් වැනි පළමු අවස්ථා අධිකරණයකින් යොමු කරන ලද පැමිණිල්ලක් අභියාචනාධිකරණයට සලකා බැලිය හැකියි.

අභියාචනාධිකරණය එහි ඇති ලේඛන, සාක්ෂි සහ යොමුකිරීම සලකා බලා බැලූ බැල්මට අධිකරණයට අපහාස කිරීමේ නඩුවක් පවත්වාගෙන යාමට ප්‍රමාණවත් කරුණු – prima facie case එකක් – තිබෙනවාද යන්න සලකා බැලිය යුතුය.

එවැනි prima facie case එකක් තිබෙන බවට අභියාචනාධිකරණය සෑහීමකට පත්වුවහොත්, ඊළඟ වැදගත් පියවර වන්නේ අදාළ පුද්ගලයන්ට “Rule” එකක් නිකුත් කිරීමයි.

සරලව ගත් විට එය, “ඔබට එරෙහිව මේ මේ කරුණු මත අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවක් තිබෙනවා; එයට පිළිතුරු දෙන්න” යන නිල දැනුම්දීමක් වැනිය.

පනත අනුව එම Rule එක රෙජිස්ට්‍රාර්වරයා විසින් අත්සන් කළ යුතු අතර, චෝදනාවේ කරුණු එහි ලිඛිතව සඳහන් කළ යුතුය. එය අදාළ පුද්ගලයාට පෞද්ගලිකව භාරදී, චෝදනාව විභාග කිරීම සඳහා දිනයක්ද නියම කළ යුතුය.

මේ පිළිබද සාධාරණ නඩු විධානයක් චූදිතයන්ට ලැබෙන අතර නඩු විභාගයේදී නීතිපතිවරයාට අවශ්‍ය නම් සාක්ෂිකරුවන්ගේ සාක්ෂි ඉදිරිපත් කළ හැකි අතර, චෝදනා ලැබූ පුද්ගලයන්ට එම සාක්ෂිකරුවන්ගෙන් හරස් ප්‍රශ්න කිරීමේ අයිතිය තිබේ.

එමෙන්ම තමන්ගේ පැත්තෙන් දිවුරුම් ප්‍රකාශ සහ වෙනත් සාක්ෂි ඉදිරිපත් කරමින් චෝදනාවට පිළිතුරු දීමටද ඔවුන්ට අවස්ථාව හිමිවේ. ඉන් අනතුරුව අභියාචනාධිකරණය අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව තහවුරු වෙනවාද නැද්ද යන්න තීරණය කරනු ඇත.

අභියාචනාධිකරණය අවසානයේ ලබාදෙන නියෝගයකට හෝ තීරණයකට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා කිරීමේ අයිතියද පනතෙන් සලසා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්ට දෙන්න සල්ලි ටික - ඔයාලට වඩා හොඳට වැඩ කරයි
02:39
Video thumbnail
රාජපක්ෂ පවුලට දවස් 7ක් මදි වෙලා දැන්
00:51
Video thumbnail
නාමල් ගැන ඒ බය තියාගත්තා නම් ඇති
08:58
Video thumbnail
ලැට් හවුස් නෙවෙයි - වරදවා තේරුම් ගන්න එපා - ලැටිමා හවුස් ප්‍රින්සිපල් එක කුඩු පට්ටම් කරලා තියෙන්නේ
10:01
Video thumbnail
ජනාධිපතිතුමා රටේ මිනිස්සුන්ට අපහාසයක් කළේ - අජිත් ගේම ඉල්ලයි
13:48
Video thumbnail
අනුර සර් ඔයා රටේ අයිතිකාරයා නෙවෙයි - භාරකාරයා..මේ නිර්මාණය කරන්නේ කළු රාජ්‍යයක්
11:31
Video thumbnail
ඇමති සමන්ත කලකට පසු විපක්ෂයට කනේ ඇඟිලි ගහගන්නම දෙසයි
12:23
Video thumbnail
නාමල්ව වට්ටන්න අනුර කුමාරලා 10000ක් ආවත් බෑ
05:44
Video thumbnail
දැඩි ආරක්ෂාව මැද කටුනායකින් එළියට ආ 'කොණ්ඩ රංජි'
01:19
Video thumbnail
දැඩි ආරක්ෂාව මැද කටුනායකින් එළියට ආ 'කොණ්ඩ රංජි' - මුළු ඇඟම රෙද්දකින් වහගෙන එන අයුරු
01:37