බැඳුම්කර නඩුවේ විත්තිකරුවන්ට එරෙහි පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණයට දින නියම වෙයි

මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, ඇතුළු විත්තිකරුවන් 10 දෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුවේ වැඩිදුර පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය නොවැම්බර් මස 02 වනදා පවත්වන ලෙස කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නියම කළා.

මෙම නඩුව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබුවා.

ප්‍රියන්ත ලියනගේ, විරාජ් වීරසුරිය, සහ තිලකරත්න බණ්ඩාර යන ස්ථිර ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ අද (09) කැඳවනු ලැබුවා.

2015 වසරේ පෙබරවාරි 02 වැනිදා බැඳුම්කර වෙන්දේසිය තුලින් රජයට රුපියල් මිලියන 688ක පාඩුවක් සිදු කිරිම ඇතුළු අධි චෝදනා 23 ක් යටතේ නීතිපතිවරයා විසින් හිටපු මහා බැංකු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන්, පත්තිනිගේ සමරවීර, අර්ජුන් ඇලෝසියස්, ඇතුළු 10 දෙනෙකුට මෙම නඩුව පවරා තිබෙනවා.

නඩුවේ පළවෙනි විත්තිකරු අර්ජුන් මහෙන්ද්‍රන් සහ හයවන විත්තිකරු අධිකරණ හමුවේ පෙනී නොසිටි අතර ඔවුන් නොමැති නඩු විභාගය පැවැත්වේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21
Video thumbnail
ඥානසාර හිමියන් ඇතුළට යන්න හේතුව එකින් එක හෙළිකළ සන්ධ්‍යා එක්නැළිගොඩ
26:23
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු
00:37
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40