සිදුකරනු ලබන විමර්ශනයකට අදාළව ප්‍රකාශ ලබාගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය හමුවට ඊයේ (08) කැඳවා තිබුණා.
කෙසේ වෙතත් ඔහු ඊයේ (08) දිනයේ එහි පැමිණ නොමැති බවයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේ.
ඌව ප්‍රාග්ධන බැංකුවේ සිදුව ඇතැයි කියන අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා හිටපු මන්ත්‍රීවරයාව එම කොට්ඨාසය හමුවට කැඳවා තිබුණා.
කෙසේ වෙතත් හිටපු මන්ත්‍රීවරයාව යළි වෙනත් දිනයක කැඳවීමට පියවර ගන්නා බවයි තොරතුරු වාර්තා වුණේ.













