කෝවිඩ් දැඩි සත්කාර ඇඳන් 70න් 63ක් පිරෙයි

කෝවිඩ් රෝගීන් සඳහා වෙන් කර ඇති දැඩි සත්කාර සහ අධි සත්කාර ඇඳන් 70න් 63ක් මේ වනවිට සක්‍රීය ලෙස භාවිත කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ, ජනරාල් (අධ්‍යාපන, පුහුණු හා පර්යේෂණ), විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළේය.

එසේම කෝවිඩ් රෝගීන් සඳහා මේ වනවිට වෙන් කර ඇති ඇඳන් ප්‍රමාණවත් නොවුණහොත් කෝවිඩ් රැල්ලක් පැවති පෙර අවස්ථාවේදී අනුගමනය කළ ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සියලු රෝහල් වෙත දන්වා ඇති බවද හෙතෙම පැවසීය.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේදී ඊයේ (26දා) පැවති කෝවිඩ් මාධ්‍ය හමුවට එක්වෙමින් මේ බව පැවසූ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ, මේ වනවටි වාර්තා වන රෝගීන් සඳහා රෝහල් පහසුකම් ප්‍රමාණවත් නොමැති බවට සිදු කෙරෙන ප්‍රකාශ අසත්‍ය වන බවයි.

එසේම මෙරට රෝහල් පද්ධතිය තුළ ප්‍රමාණවත් ඔක්සිජන් ධාරිතාවක් පවතින බවද හේමන්ත හේරත් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21
Video thumbnail
ඥානසාර හිමියන් ඇතුළට යන්න හේතුව එකින් එක හෙළිකළ සන්ධ්‍යා එක්නැළිගොඩ
26:23
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු
00:37
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40