සුපිරි ජයක් සමඟ ලියනොල් මෙසී ජගත් පාපන්දු පිටියෙන් සමුගනී

ලොව සුපිරිතම පාපන්දු ක්‍රීඩකයෙක් ලෙස සැලකෙන ආර්ජන්ටිනාවේ ලියනොල් මෙසී, ඊයේ (06) ආර්ජන්ටිනාව වෙනුවෙන් අවසන් ජාත්‍යන්තර තරගයට එක්වුණා.

ඒ අනුව, බෙනින් රාජ්‍යය වෙනුවෙන් ඊයේ පැවති තරගයෙන් පසු මෙසීගේ දස්කම් ජාත්‍යන්තර පාපන්දු පිටියේ දැකගැනීමේ අවස්ථාව ප්‍රේක්ෂකයින්ට අහිමි වනවා.

බෙනින් රාජ්‍යය සමඟ පැවති මෙම තරගය ආජන්ටිනාව ගෝල 3-0ක් ජයගත් අතර, ජාත්‍යන්තර පිටියේ සිය අවසන් ගෝලය රැස්කර ගනිමින් දඬුවම් පහරක් රැස්කර ගැනීමට මෙසී සමත් වුණා.

ආර්ජන්ටිනා ජාතික කණ්ඩායම වෙනුවෙන් තරග 208කට සහභාගී වෙමින් ගෝල 126ක් වාර්තා කරමින් ලියොනල් මෙසී සිය ජාත්‍යන්තර ක්‍රීඩා දිවිය අවසන් කළා.

2022 වසරේ ලෝක කුසලාන තරගාවලියේදී ජයග්‍රාහී ආර්ජන්ටිනා කණ්ඩායමේ නායකත්වය දැරුවේ ද ලියනොල් මෙසී යි.



අපගේ නවතම වීඩියෝ පුවත්