පොලිස් මත්ද්‍රව්‍ය කාර්‌යංශයේ ගුවන්තොටුපල ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත නිලධාරින් කණ්ඩායමක් විසින් අද (07) දින උදෑසන වැටලීමක් සිදුකර බැංකොක් සිට ගුවන් මඟින් මෙරටට රැගෙන එන ලද කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 05 ග්‍රෑම් 166 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 24 ක් වන ගල්ගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.










