Rajapura Handi Oil
Rajapura Diabetic Powder

කෙහෙල්බද්දර පද්මේ මත්ද්‍රව්‍ය ජාවාරම ගැන පොත් 08ක් ලියලා

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින කෝරලගමගේ මන්දිනු පත්මසිරි පෙරේරා නොහොත් කෙහෙල්බද්දර පද්මේ විසින් මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් ලියන ලද පොත් 08ක් රස පරික්ෂක යැවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් .බෝදරගම අද (01) නියෝග කළා.

සිද්ධියට අදාළ නඩුව කැඳවු අවස්ථාවේදි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පවසා සිටියේ මෙම සැකකරුගේ මත්ද්‍රව්‍ය ජාලය සම්බන්ධයෙන් ලියන ලද සටහන් පොත් 08ක් සොයා ගත් බවයි.

එම සටහන් පොත්වල අත් අකුරු පරීෂාවට රස පරික්ෂක වෙත යැවීමට නියෝගයක් ලබා දෙන ලෙසයි විමර්ශන නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලා සිටියා.

සිද්ධියට අදාල සැකකරු ලබන 15 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ද අධිකරණයෙන් නියම කළා.