මල්වතුහිරිපිටිය පොලිස් ස්ථානයේ සැරයන්වරයෙකුගේ වැඩ තහනම් කිරීමට පොලිසිය පියවර ගෙන තිබෙනවා.
ඒ, පසුගිය 26 වනදා අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු ඇප මත මුදාහැරීම සඳහා යම් අයෙකුගෙන් අල්ලස් ඉල්ලීමේ සිදුවීමක් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයකට දල්වයි.
මෙම සිදුවීම සම්බන්ධව වීඩියෝවක් පසුගිය දිනවල සමාජ මාධ්‍යයේ සංසරණය වූ අතර, ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් ගම්පහ සහකාර පොලිස් අධිකාරීවරයා යටතේ විමර්ශනයක් ආරම්භ කෙරුණා.
එම විමර්ශනය මගින් අනාවරණය වූ කරුණු මත අදාළ පොලිස් සැරයන්වරයාගේ වැඩ තහනම් කිරීමටයි මෙලෙස පියවර ගෙන ඇත්තේ.










